හතකට මරු කැඳ වූ ග්‍රෑන්ඩ්පාස් ඛේදවාචකය

  👤  3356 readers have read this article !
By mawbima 2018-02-15

ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පැරණි ගොඩනැඟිල්ලක් කඩා වැටීමෙන් පුද්ගලයන් 07 දෙනකු මරුමුවට පත් වී දෙදෙනකු තුවාල ලබා රෝහල් ගත කළ බව ග්‍රෑන්ඩ්පාස් පොලිසිය කියයි.

මියගිය අය අතර කාන්තාවන් දෙදෙනකු වන බව පොලිසිය කියයි.
මෙම ගොඩනැඟිල්ල කුළුබඩු ගබඩාවක් ලෙස පවත්වාගෙන ගොස් ඇති අතර එය කඩා වැටෙන අවස්ථාවේ පුද්ගලයන් නව දෙනකු සේවය කරමින් සිට ඇති බව පොලිසිය කියයි.

ගොඩනැඟිල්ලේ සුන්බුන් අතර සිර වී සිටි පිරිස කොළඹ නගර සභාවේ ගිනි නිවීමේ ඒකකයේ නිලධාරීන් හා පොලිසිය මැදිහත්ව පිටතට ගෙන රෝහල් ගත කිරීමේදී එයින් කිහිප දෙනකුම මියගොස් සිටි බව රෝහල් ප්‍රකාශකයෙක් පැවැසීය.

කඩා වැටුණු ගොඩනැඟිල්ලට ආසන්නව තිබෙන මෙවැනිම පැරණි ගොඩනැඟිල්ලක් මේ දිනවල කඩා ඉවත් කරන බවත් ඒ හේතුවෙන් මෙම ගොඩනැඟිල්ල කඩා වැටෙන්නට ඇති බවත් පොලිසිය සැක කරයි.

පොලිසිය සහ අනෙකුත් පාර්ශ්වයන් එක්ව ප්‍රථමයෙන් අනතුරින් තුවාල ලැබූ පිරිසගේ ජීවිත බේරාගැනීම සඳහා කටයුතු කර ඇත.
අදාළ ගොඩනැඟිල්ල කඩාවැටීම සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බවත් ඊට වගකිවයුතු පාර්ශ්වයන් සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවද පොලිසිය කියයි.

ග්‍රෑන්ඩ්පාස් පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක විමල් ශාන්ත මහතාගේ උපදෙස් මත අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක මොහාන් සිල්වා, කොස්තාපල් රුවන්ජීව (70234) මහත්වරු පරීක්‍ෂණ පවත්වති.

කොළඹ - එම්.සී. පෙරේරා,
චාමර අමරසූරිය,
ක්‍රිෂාන්ත පතිරත් ජයසූරිය, කුමුදු උපුල් ශාන්ත

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon