12 හැවිරිදි දැරියගේ අක්මාව අක්‍රිය වෙලා

  👤  3158 readers have read this article !
By mawbima 2018-02-15

වයස අවුරුදු 12ක් වන එස්.සුගිදා දුම්මලදෙණිය මුස්ලිම් විද්‍යාලයේ 8 වැනි ශේ‍ර්ණියේ ඉගෙනුම ලබයි. ඉගෙනීමට ඉතාමත් දක්‍ෂ ඇය සෑම වාරයකම පන්තියේ පළමු වැනියා වන අතර ඇයට අවුරුදු 10ක බාල සහෝදරයෙක්ද සිටියි. සුගිදාගේ අක්මාවේ ඇති වූ රෝගී තත්ත්වයක් නිසා අවුරුදු හයේ සිට රාගම රෝහලේ 23 වැනි වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටින අතර දැනට ඇයගේ අක්මාව අක්‍රිය වී ඇති බැවින් පියාගේ අක්මාවේ කොටසක් ඇයට (ඹ්ඪමඥප ඊපචදඵනතචදබචබඪධද) ඉන්දියාවේ දී බද්ධ කළ යුතු බව වෛද්‍ය මහාචාර්ය ශාමන් රජින්ද්‍රජි මහතා පවසා ඇත. ඇයගේ මෙම සැත්කම සඳහා ලක්‍ෂ 80ක මුදලක් වැය වන බව ඉන්දියාවේ ග්ලෝබල් (ට්තධඡචත) රෝහල පවසා ඇත.

ඇයගෙ පියා පෞද්ගලික ආයතනයක වෙළෙඳ නියාමකවරයෙක් ලෙස සේවය කරන අතර ඇයගේ මවද සැත්කමක් සිදුකර රැකියාවක් කර ගැනීමට නොහැකිව සිටී. මෙම සැත්කකම සඳහා ජනාධිපති අරමුදලින් රු. 5,00,000ක මුදලක් ලබාදෙන බව බවසා ඇත. ඊට අමතරව පියාගේ හිතමිතුරන්ගෙන් සහ පරිත්‍යාගශීලීන්ගෙන් දැනට සියල්ලම රුපියල් ලක්‍ෂ 30ක පමණ මුදලක් සොයාගෙන ඇත. ඉතිරි මුදල පියා හට තනියම සොයා ගැනීමට නොහැකිව සිටී. මෙම සැත්කම හැකි විගස කළ යුතු බව වෛද්‍යවරුන් පවසා ඇත. මෙම සැත්කම සිදුකර ඇයගේ වටිනා ජීවිතය බේරා ගැනීමට පින් ඇති සැමගේ නොමසුරු සහයෝගය බලාපොරොත්තු වන බව සුගිදාගේ පියා වන වී.සත්‍යසීලන් මහතා "මව්බ්ම"ට පැවැසීය.

වී. සත්‍යසීලන් - 0774278923
සෙලාන් බැංකුව - ගිණුම් අංකය - 070001020221101

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon