දෘශ්‍යාබාධිත අශෝකට පිහිට වෙමු

  👤  3255 readers have read this article !
By mawbima 2018-02-15

වැලිගෙපොළ ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ පල්ලේබැද්ද පුස්සතොට පදිංචි ඩබ්ලියු. අශෝක තිලකරත්න දෘශ්‍යාබාධිත තරුණයෙකි. ඉපදී වසර කිහිපයකට පසුව ඇති වූ රෝගාබාධයක් හේතුවෙන් මෙලෙස දෘශ්‍යාබාධිත වී තිබේ. සිය වයෝවෘද්ධ පියා සහ ආබාධිත සොයුරියද රැකබලා ගැනීමට සිදුවී ඇත්තේ අශෝකටයි. සිය ආබාධිත තත්ත්වය පිළිබඳ "මව්බිම" විමසීමක් කළෙමු.

පුස්සතොට වසමේ ග්‍රාම නිලධාරි නිරෝෂන් ජයවර්ධන මහතා ඒ පිළිබඳව "මව්බිම"ට මෙසේ පැවැසීය. අශෝක, මා රාජකාරි කරන ග්‍රාම නිලධාරි වසමේ තරුණයෙක්. එයාට ඇස් පේන්නේ නැහැ. එයා මාස කීපයක ඉඳලා කොළඹ පෞද්ගලික අක්ෂි රෝහලකින් ප්‍රතිකාර ලබනවා. ඔහුගේ පවුලේ අයත් රැක බලාගන්න වෙලා තියෙන්නේ අශෝකටමයි. දැනට වැලිගෙපළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මඟින් රුපියල් 3,000ක ආධාර මුදලක් ලබා දුන්නාට මේ අයට එය ප්‍රමාණවත් වෙන්නේ නැහැ"
මේ පිළිබඳව අශෝක තිලකරත්න පැවැසුවේ මෙසේය. "මට මාසෙකට ප්‍රතිකාර ගන්නත් ලොකු මුදලක් වියදම් වෙනවා. මගේ පවුලේ අය ජීවත් කරන්න වෙලා තියෙන්නේ මටමයි. මට කිසිම ආදායම් මාර්ගයක් නැහැ. මගේ ආබාධිත තත්ත්වය සලකා බලා අපි වෙනුවෙන් උදවු කරන්න පුළුවන් නම් ලොකු පිනක්."

ඔවුන් වෙනුවෙන් උදවු කිරීමට කැමැති අයට ගොඩකවෙල මහජන බැංකුවේ 245200120056034 ඩබ්ලිව්. අශෝක තිලකරත්න මහතාගේ නමින් තිබෙන ගිණුමේ මුදල් තැන්පත් කිරීමෙන් හෝ 071-9966935 දුරකතන අංකයට කතා කිරීමෙන් දායක විය හැකිය.

වැලිගෙපොළ - මැණිකේ කොළොම්ඹුගම

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon