‘ආර්.අයි.ටී. අලස් අනුස්මරණ’ ක්‍රිකට් කිරුළ ගාල්ල සා.ඇලෝසියස් විද්‍යාලයට

  👤  3373 readers have read this article !
By mawbima 2018-02-14

ඉෂාන් රශ්මිත

කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලය කඩුලු 10කින් පරදවමින් පළමුවරට "ආර්.අයි.ටී. අනුස්මරණ කුසලානය" හිමි කරගැනීමට ගාල්ල ශාන්ත ඇලෝසියස් විද්‍යාලය පසුගියදා (12දා) සමත් විය.

ගාල්ල ශාන්ත ඇලෝසියස් විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍යයකු සහ කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලයේ නිර්මාතෘ මෙන්ම පළමු විදුහල්පතිවූ ආර්.අයි.ටී. අලස් මැතිතුමන් අනුස්මරණය කරමින් 7වැනි වරට පැවැති මෙම වාර්ෂික ක්‍රිකට් තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
එහිදී ගාල්ල ශාන්ත ඇලෝසියස් විද්‍යාලය වෙනුවෙන් නායක අශේන් බණ්ඩාර පිත්තෙන් දස්කම් දක්වමින් ශතකයක් රැස් කළ අතර, කවික ඩිල්ෂාන් පන්දුවෙන් කැපී පෙනෙන දස්කම් දැක්වීය.

ශා. ඇලෝසියස්: පළමු ඉනිම _ 283/7 (අශේන් බණ්ඩාර 101, ගිම්හාන ආශිර්වාද 39, පසිඳු ආදිත්‍ය 28/2)
ඩී.එස්. සේනානායක: පළමු ඉනිම _ 112 (පන්දුවාර 46.2) (චමත් යටවර 24, කවික ඩිල්ෂාන් 27/5)
ඩී.එස්. සේනානායක දෙවැනි ඉනිම _ 178 (පන්දුවාර 47.4) (චමත් යටවර 53, හරීන් බුද්දිල 48/4, කවික ඩිල්ෂාන් 58/4)
ශා.ඇලෝසියස් දෙවැනි ඉනිම _ 11/1

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon