කුසල් ජනිත් ගෙදර එයි කුසල් මෙන්ඩිස් වැඩ බලයි

  👤  3465 readers have read this article !
By mawbima 2018-02-14

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර හෙට (15දා) ආරම්භ වන තරග දෙකකින් යුත් විස්සයි-20 ක්‍රිකට් තරගාවලියෙන් කුසල් ජනිත් පෙරේරා ඉවත්කර ඇත.
ශ්‍රී ලංකාව, බංග්ලාදේශය හා සිම්බාබ්වේ අතර පැවැති තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ තෙවැනි තරගයේදී ආබාධයක් හේතුවෙන් එම තරගාවලියේ අනෙකුත් තරගවලින් මෙන්ම ශ්‍රී ලංකාව හා බංග්ලාද්ශය අතර පැවැති ටෙස්ට් තරගාවලියෙන් ඉවත්ව සිටි කුසල් පෙරේරා පසුගියදා නම් කළ 15 දෙනකුගෙන් යුත් විස්සයි-20 සංචිතය සඳහා නම් කර තිබිණි.

එහෙත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඊයේ මාධ්‍ය නිවේදනයකින් සඳහන් කළේ වෛද්‍ය උපදෙස් මත විවේකයක් ලබා දීමේ අරමුණින් කුසල් ජනිත් විස්සයි-20 ක්‍රිකට් තරගාවලියෙන් ඉවත් කළ බවය.

කෙසේ වෙතත් කුසල් ජනිත් වෙනුවට මේ දිනවල ලකුණු අතර සිටින කුසල් මෙන්ඩිස් නම් කර තිබීමද
විශේෂත්වයකි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon