ජනාධිපතිගේ හා ආණ්ඩුවේ ගමන වහා වෙනස් කළ යුතුයි

  👤  3391 readers have read this article !
By mawbima 2018-02-14

පළාත් පාලන ඡන්ද ප්‍රතිඵලය හේතුවක් කරගෙන වෙනම ආණ්ඩුවක් හැදීමට අවශ්‍යතාවක් නොමැති බව ජනාධිපතිතුමන් අගමැතිතුමන් පුරවැසි සංවිධාන හමුවී ප්‍රකාශ කළා යැයි "පුරවැසි බලය" සංවිධානයේ කේ.ඩබ්ලිව්. ජනරංජන මහතා ප්‍රකාශ කළේය.
ඔහු එසේ පැවැසුවේ ඊයේ (13දා) "පුරවැසි බලය" සංවිධාන කොට තිබූ මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් මරදානේ පිහිටි සී.එස්.ආර්.හිදීය.
එහිදී ජනරංජන මහතා මෙසේද කීවේය.

පසුගිය කාලයේදී ඇතිවූ විරසකය සමනය කරගත යුතුයි කියන ප්‍රායෝගික ප්‍රශ්නය තිබෙනවා. ඒ ගැන දැනට සාකච්ඡා කරමින් පවතිනවා. එසේ නොමැතිව තනිවම ආණ්ඩුවක් කරන්න ඕන කියලා දෙන්නම හිතන්නෙ නැහැ. නමුත් දෙගොල්ලන්ටම තිබෙන්නේ එකට යන ගමනක් බවත්, යම් යම් වෙනස්කම් කළ යුතුයි කියලත් ඔවුන් පිළිගන්නවා.

පළාත් පාලන මැතිවරණයේදී ජනතාව ආණ්ඩුවට අනතුරු අඟවමින් 2015දී ලබාදුන් පොරොන්දු ඉටුකරන ලෙස කියා තිබෙනවා. එසේ නොමැතිව මහින්ද රාජපක්ෂ ලබාගෙන ඇති ජයග්‍රහණයක් නැහැ. ජනාධිපතිවරණයක් ලෙස බැලුවත්, මහමැතිවරණයට සාපේක්ෂව බැලුවත් ඔහු පරාජයට පත් කිරීමට මෙවර බහුතර ජනතාව ඡන්ද ප්‍රකාශ කොට තිබෙනවා. මහින්ද රාජපක්ෂගේ පක්ෂය පළාත් පාලන මන්ත්‍රිවරු 3369ක් ජයග්‍රහණය කරන විට ඊට විරුද්ධව මන්ත්‍රිවරු 3,418ක් පත්වී සිටිනවා.
ඕනෑම ආණ්ඩුවක් බලයට පත්වුණාම අවුරුදු කිහිපයක් වැඩ කරන්න අවස්ථාව දෙනවා. ඒත් මේ ආණ්ඩුව බලයට පත්වූ දා පටන්ම විපක්ෂය තමන්ගෙ වැරැදි වහගන්න හිතලා මේ ආණ්ඩුවේ කකුලෙන් අදින්න පටන් ගත්තා.

මේ මැතිවරණයේදී දේශපාලන වශයෙනුත් සදාචාරමය වශයෙනුත් මහින්ද රාජපක්ෂ පරාදයි. ඒකෙන් අපි කියන්නෙ නැහැ ආණ්ඩුව නිදහස් වුණා කියලා. ඒ නිසා ආණ්ඩුවට ඉදිරි අවුරුදු දෙක සම්බන්ධයෙන් නැවත හැරී බැලීමක් සිදුකළ යුතුව තිබෙනවා.

සමන් රත්නප්‍රිය මහතා
ආණ්ඩුවේ සහ විධායකයේ ගමන වෙනස් කරන්න කියලා පණිවුඩය පළාත් පාලන මැතිවරණයේ දී ජනතාව ලබාදී තිබෙනවා. ආණ්ඩුව කළ හොඳ වැඩ බොහොමයක් තිබෙනවා. ඒත් මල්වාන ඉඩම, එක්නැලිගොඩ, ලසන්ත, තාජුඩීන් වැනි ඝාතන පිළිබඳ අවසානයක් නැහැ. සමහර අය අත්අඩංගුවට ගත්තොත් තමයි මේව ඉක්මනින් අවසන් කිරීමට හැකිවන්නෙ.

මෙවර මැතිවරණ ප්‍රතිඵලයෙන් මහින්ද රාජපක්ෂගේ බලය යළිත් අඩුවෙලා. 2005දී ඡන්ද 50.29% ප්‍රතිශතයක්ද, 2010 ඡන්දයෙන් 57.88%ක්ද 2015 ඡන්දයේදී 47.58%ක්ද 2018දී 44.65% වශයෙන්ද එම ඡන්දය අඩුවී තිබෙනවා. ඒත් ඔහුට විරුද්ධ බලවේග 2010දී 40.15%ක් දී 2015දී 51.28%ක් සහ 2018 දී 55.35%ක්ද ලෙස බලය වර්ධනය කරගෙන තිබෙනවා.

ජනතාව 2015දී එකට වැඩ කරන්න කියලයි ආණ්ඩුව පත් කළේ. ඒක කරන්න වැඩපිළිවෙළක් සකස් කර ගැනීමයි දැන් කළ යුත්තෙ. පක්ෂයේ අභ්‍යන්තර වෙනස්කම් පවා ඒ සඳහා කරන්නට සිදුවේවි. ජනාධිපතිත් අගමැතිත් පුරවැසි සංවිධාන සමඟ ගිවිසුම්වලට අස්සන් කළා. ඒ අනුව විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම ඇතුළු ප්‍රශ්නවලට දැන්වත් උත්තර සොයා යා යුතුයි.

මහින්ද රාජපක්ෂ රෙජිමයට යළිත් රට ගෝත්‍රික යුගයක් වෙත යැවීමට අපි ඉඩ දෙන්නේ නැහැ.

 දෙනගම ධම්මික රණවීර

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon