රට යළි බාරගත් විට මහින්ද එදා කළ අමනෝඥ-අනිසි වැඩ බැහැර කළ යුතුයි

  👤  3633 readers have read this article !
By mawbima 2018-02-14

මහින්ද රාජපක්ෂ මහතා නැවත වරක් රටේ පාලනය භාර ගන්නා විට ගිය වර බලයේ සිටියදී කරන ලද අමනෝඥ, අනිසි ක්‍රියා බැහැර කර, තමා වටා සිටින හිතමිතුරන් කවුදැයි වටහාගෙන, නිවැරැදි උපදේශකවරු පත්කරගෙන, කළ යුත්තේ කුමක්දැයි වටහාගෙන කටයුතු කළ යුතු යැයි ගුණදාස අමරසේකර මහතා පැවැසීය.
ඒ මහතා මේ බව පැවැසුවේ ඊයේ (13දා) ජාතික සංවිධාන එකතුමුව විසින් සංවිධානය කළ මාධ්‍ය හමුවකදීය.
මහජනතාව, මහින්ද රාජපක්ෂට මෙදා පුංචි ආණ්ඩුවල බලය දුන්නේ මීට පෙර වතාවක් ඔහුට පාඩමක් උගන්වා, පරාද කරමින් බවත් එකී පාඩම මේ වතාවේදී මහින්ද රාජපක්ෂ මහතා විසින් හොඳින් වටහාගෙන කටයුතු කළ යුතු බවත් පැවැසූ ඒ මහතා මෙසේද පැවැසීය.

මේ රට පාලනය කරන්නට, සිරිසේන, වික්‍රමසිංහ ආණ්ඩුවට තවදුරටත් කිසිම සදාචාරාත්මක අයිතියක් නෑ කියලා රටේ මහජනතාව පණිවුඩයක් දීලා තිබෙනවා. ඒ බව අගමැතිතුමාත්, ජනාධිපතිතුමාත් වටහා ගත යුතුයි. ඔවුන් මේ රට විජාතිකයන්ට පාවලා දෙන්න හැදුවා. මේ රටට විරුද්ධව ගෙන ආ යෝජනාද ඉල්ලා අස්කරගෙන පිටවෙලා යන එක තමයි ඔවුන් දැන් කළ යුතු ඥානවන්ත ක්‍රියාව වන්නේ. මහජනතාවගේ මතයට ගරු කරලා ජනතාව වෙනුවෙන් මේ ආණ්ඩුවට තොලොංචි වෙන්න කියලා අපි ඉල්ලා සිටිනවා. ජනතාව මේ වරම දීලා තියෙන්නේ මහින්ද රාජපක්ෂ විසින් මේ රටේ පාලන බලය අතට ගත යුතුයි කියලයි. මේ ආණ්ඩුව තව කී දවසක් පවතීද දන්නේ නැහැ. ඒ කෙසේ වෙතත් ඊළඟට පත්වන ආණ්ඩුවේ කටයුතු භාර ගැනීමට මහින්ද රාජපක්ෂත්, ජනතාවත් අවබෝධයෙන් යුතුව සූදානම් විය යුතුයි. එහිදී මහින්ද රාජපක්ෂ මහත්මයා මුලින්ම කළ යුත්තේ මේ රට බටහිර විජාතික ග්‍රහණයෙන් මුදවා ගැනීමයි.

වෛද්‍ය වසන්ත බණ්ඩාර
භාරකාර ආණ්ඩු හදන්නවත්, සජිත් ප්‍රේමදාසව ගෙනැල්ලා, ඔළුගෙඩි මාරු කරලා ආණ්ඩු හදන්නවත් මේ ආණ්ඩුවට ජනතාව වරමක් ලබාදීලා නැහැ. මැතිවරණයෙන් ආණ්ඩුවේ හිසට වැදුණු බලවත් පහර නිසා මේ ආණ්ඩුව දැන් ඉන්නේ දැඩි සත්කාර ඒකකයේ. ඒ නිසා ඕනම වේලාවක මේ මැෂින් එක ගලවන්න ජනතාවටත්, ජනතා නියෝජිතයන්ටත් පුළුවන්.

මහජනතාව තනිවම, නිහඬව ගත් තීරණයක් තමයි මේක. මේ නිහඬ මහජන විප්ලවයෙන් ජනතාව, මහින්ද රාජපක්ෂව ආධ්‍යාත්මික නායකයකු බවට පත් කරලා. එතුමාගේ හිස මතට ජනතාවගේ අවශ්‍යතා ඉටු කිරීම සඳහා මහා බරක් පටවලා තිබෙනවා.

තමන් කැමැති ඡන්ද ප්‍රතිඵලය ලබාදීමට නොහැකි වූ නිසා මැතිවරණ කොමිසමේ සභාපතිතුමා වගකිවයුතු රාජ්‍ය නිලධාරියකු ලෙසින් මැතිවරණ රාජකාරි ඉටු නොකර රාත්‍රි 7.30 වන විට කාර්යාලය වසා දමා රාජකාරිය නිම කළා. සමස්ත ප්‍රතිඵලය නිකුත් කළේ නැහැ. මැතිවරණ කොමිසමේ සභාපතිවරයාටද සිය තනතුරෙන් අස්වීමට කාලය එළැඹ ඇති බවයි.මේ අනුව පෙනී යන්නේ.

නලිනිකා ලක්ෂාණි

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon