වහසි බස් නවතා දමා ජනතාවට සේවය කරන්න

  👤  3460 readers have read this article !
By mawbima 2018-02-14

නායකයන්ගේ ප්‍රජා අයිතීන් නැති කරනවා යැයි පවසන වහසිබස් නවතා දමා වත්මන් ආණ්ඩුව කළ යුත්තේ රටේ ජනතාවට සේවය කිරීම බවත් වහාම මහමැතිවරණයක් පවත්වා ජනමතය ප්‍රකාශ කිරීමට ජනතාවට ඉඩ හසර ලබාදීමට ආණ්ඩුව කටයුතු කළ යුතු බවත් හිටපු ජනාධිපති, කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

හිටපු ජනපතිනියට අත්තනගල්ලෙන් ලැබී ඇත්තේ ඡන්ද හැට ගණනක් බවත් ඇයට එක්සත් ජාතික පක්ෂය මේ මොහොතේ අත්හැරීමට නොහැකි බවත් හිටපු ජනාධිපතිවරයා පැවැසුවේය.
මහින්ද රාජපක්ෂ මහතා මේ බව පැවැසුවේ පෙරේදා (12දා) සවස බෙල්ලන්විල රජමහ විහාරයේදී පැවැති ආගමික වතාවත්වලට සහභාගි වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.
හිටපු ජනාධිපතිවරයා මෙසේද පැවැසීය.

පළාත් පාලන ඡන්දයේදී අපි ජයග්‍රහණය කරලා තිබෙනවා. එක්සත් ජාතික පක්ෂයටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටත් විරුද්ධවයි ජනතාව අපිට ඡන්ද ලබාදී තිබෙන්නේ. මේ ආණ්ඩුව වෛරයෙන් මුසපත්වූ ආණ්ඩුවක්. වෛරය පළිගැනීමක් දක්වාම වර්ධනය වුණා. ජනතාව ලබා දුන්නු ප්‍රතිඵලය ආණ්ඩුව පිළිගත යුතුයි.

ලබන අවුරුද්දේ ජනාධිපතිවරණයක් තිබෙනවා. අපි රට ගොඩනැඟුවා. යුද්ධය අවසන් කළා. ඒ නිසයි මේ විදියට මේ ජනතාවට නිදහසේ ගමන් බිමන් යෑමට, සමඟිව එකතු වීමට ලැබී තිබෙන්නේ. ඒ විතරක් නෙවෙයි දෙමළ ජනතාවට අපිට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරන්න පවා ශක්තිය ලැබුණේ එල්.ටී.ටී.ඊ.ය අපි පරාජය කළ නිසයි.
මහා සංඝරත්නයට ඇහුම්කන් නොදී ආණ්ඩුවකට යෑමට අපහසුයි. රට අන්තවාදී ගමනක යනවා නම් ඒවා නැවැත්විය යුතුයි. අද බෙල්ලන්විල නායක හාමුදුරුවෝ හිටියා නම් උන්වහන්සේයි රට බේරා ගැනීමට මුලින්ම ඉදිරිපත් වන්නේ.

තවදුරටත් කාගේ හරි ඇඟේ එල්ලිලා ආණ්ඩු කිරීම මේ ආණ්ඩුව දැන්වත් නැවැත්විය යුතුයි.

ක්‍රිෂාන් පතිරත් ජයසූරිය, බොරලැස්ගමුව - නිඳුවර අබේසිංහ

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon