ශ්‍රීලනිප ඇමැතිවරු හෙට ජනපති හමුවෙති

  👤  3540 readers have read this article !
By mawbima 2018-02-14

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කැබිනට් අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන් හා නියෝජ්‍ය අමාත්‍යවරුන් සහ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අතර තීරණාත්මක විශේෂ සාකච්ඡාවක් හෙට (15දා) සවස 3.00ට ජනාධිපති මන්දිරයේදී පැවැත්වීමට නියමිතයි.

පළාත් පාලන ඡන්ද ප්‍රතිඵලවලින් පසුව රටේ ඇතිවී තිබෙන දේශපාලන අර්බුදය සහ ආණ්ඩුවේ ඉදිරි ගමන්මඟ ගැන මෙහිදී සාකච්ඡා කිරීමට නියමිත බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරයෙක් 'මව්බිම'ට ප්‍රකාශ කළේය.

වර්තමාන දේශපාලන තත්ත්වයත් ආණ්ඩුව තුළ එකඟතාවක් නොතිබීමත් තවදුරටත් යහපාලන ආණ්ඩුව පවත්වාගෙන යෑමේ දුෂ්කර තාවත් ගැන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරුන්ගේ සාකච්ඡා කිහිපයක් ඊයේ (13දා) රාත්‍රි කොළඹ පිහිටි අමාත්‍යවරයකුගේ නිවෙසේ පැවැති අතර අද (14දා) එවැනි තවත් සාකච්ඡා කිහිපයක්ම පැවැත්වීමට නියමිත බවද වාර්තාවේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon