එජනිස ආධාරකරුවන් දෙදෙනකුට එජාප - ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආධාරකරුවන් පිරිසක් පහරදීලා

  👤  3181 readers have read this article !
By mawbima 2018-02-13

හම්බන්තොට - රාහුල් සමන්ත හෙට්ටිආරච්චි

අඟුණුකොළපැලැස්ස ප්‍රදේශයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ආධාරකරුවන් දෙදෙනකු හට එක්සත් ජාතික පක්‍ෂයේ හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආධාරකරුවන් පිරිසක් පහරදී ඇති අතර පහර කෑමට ලක් වූ දෙදෙනා අඟුණුකොළපැලැස්ස රෝහලට ඇතුළත් කර තිබේ.
එමෙන්ම පසුගියදා (09දා) රාත්‍රි අඟුණුකොළපැලැස්ස, හැලෙකඩ ප්‍රදේශයේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සාමාජිකාවකගේ නිවෙසට ප්‍රහාරයක් එල්ල කර ඇයට පහර දී ඇති බවට අඟුණුකොළපැලැස්ස පොලිසියට පැමිණිලි කර තිබේ.

මේ අතර අම්බලන්තොට බැරගම ප්‍රදේශයේදී පසුගියදා (11දා) පෙරවරුවේ එක්සත් ජාතික පක්‍ෂයේ සංවිධායකවරයකු භාණ්ඩ මිලදී ගැනීම සඳහා යතුරුපැදියක් ආධාරයෙන් නිවෙස් සඳහා මුදල් වවුචර් පත් බෙදමින් සිටියදී අම්බලන්තොට පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon