කොළඹ මහ නගර සභාවේ ප්‍රථම පුරපතිනිය ලෙස රෝසි වාර්තාවක් තබයි

  👤  3324 readers have read this article !
By mawbima 2018-02-13

උපතිස්ස පෙරේරා

ශ්‍රී ලංකාවේ වැඩිම කාන්තා නියෝජනයක් ඇති පළාත් පාලන ආයතනය ලෙස වාර්තාවක් තබා ඇති කොළඹ මහ නගර සභාව එහි ප්‍රථම පුරපතිනිය ලෙස හිටපු රාජ්‍ය ඇමැතිනි, රෝසි සේනානායක මහත්මිය පත්කර ගැනීමෙන් තවත් සුවිශේෂ වාර්තාවක් තබා ඇත.
පළාත් පාලන ආඥා පනතේ නව සංශෝධනවලට අදාළව කොළඹ මහ නගර සභාවට අවම වශයෙන් කාන්තා මන්ත්‍රිවරියන් 27ක් පත්විය යුතු බව කොළඹ මහ නගර සභාවේ ප්‍රකාශයෙක් "මව්බිම"ට ප්‍රකාශ කළේය.

මෙවර පළාත් පාලන මැතිවරණයේදී පුරපති ධුරය සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් නම් කළ එකම අපේක්ෂිකාව වන්නේද රෝසි සේනානායක මහත්මියයි.
කොළඹ මහ නගර සභාවේ මංගල සභා වාරය මාර්තු මස මුල් සතියේදී කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට නියමිතය.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon