තොණ්ඩමාන්ට - සී.බී. රත්නායකට හැටන් නගරයේ හිටපු නගරාධිපති යන්න නොදී පාර හරස් කරලා

  👤  3437 readers have read this article !
By mawbima 2018-02-13

නෝර්වුඩ් - රිද්මි මිලින්දිකා

ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ආරුමුගම් තොණ්ඩමාන් සහ පොදුජන පෙරමුණේ නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි සී.බී. රත්නායක මහතා හැටන් නගරයේ අරියගම ප්‍රදේශයේ තම ආධාරකරුවකුගේ නිවෙසට යෑම වළක්වාලමින් එම මාර්ගය වාහනයක් දමා අවහිර කළ හැටන් - දික්ඔය නගර සභාවේ හිටපු නගරාධිපති අලගමුත්තු නන්දකුමාර මහතාව හැටන් පොලිසියේ නිලධාරීන් විසින් ඉවත් කර මාර්ගය හරස් කර තිබූ වාහනයද ඉවත් කරනු ලැබීය.
පෙරේදා (11දා) පස්වරුවේ තොණ්ඩමාන් මහතා සහ සී.බී. රත්නායක මහතාව පිළිගැනීමේ උත්සවයක් හැටන් නගරයේදී පැවැති අතර එම උත්සවයෙන් අනතුරුව තොණ්ඩමාන් මහතා සහ සී.බී. රත්නායක මහතා හිටපු නගරාධිපතිවරයාගේ නිවෙසට යාබද පදිංචි තම ආධාරකරුවාගේ ආරාධනාවක් අනුව නිවෙසේ පැවැත්වෙන තේ පැන් සංග්‍රහයකට සහභාගි වන ලෙස කළ ආරාධනාවකට අනුවයි තොණ්ඩමාන් මහතා සහ සී.බී. රත්නායක මහතා එම නිවෙසට යෑමට සැලසුම් කර තිබුණේ.

තොණ්ඩමාන් මහතා පැමිණි බව දැනගත් හිටපු නගරාධිපති එ.ජා.ප. මෙවර නගර සභාවට තේරී පත් වී ඇති අලගමුත්තු නන්දකුමාර මහතා තම ආධාරකරුවන් පිරිසක් සමඟ හැටන් ආරියගම මාර්ගය අවහිර කරමින් වාහනයක්ද හරස්කර තොණ්ඩමාන් මහතා පැමිණියොත් පහර දෙන බවටද තර්ජනය කරමින් කලහකාරී ලෙස හැසිරීම නිසා හිටපු නගරාධිපතිවරයාව ඉන් ඉවත් කර අවහිර කර තිබූ මාර්ගයද යථා තත්ත්වයට පත් කරමින් පොලිස් කැරලි මර්දන ඒකකය පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් යොදවා එම මාර්ගයේ දැඩි ආරක්ෂාවක්ද යෙදීමට හැටන් පොලිසියේ උසස් නිලධාරීන්ට සිදුවිය.

තොණ්ඩමාන් මහතා තම ආධාරකරුවාගේ නිවෙසට පැමිණියොත් දෙපාර්ශ්වය අතර විශාල ගැටුමක් ඇතිවීමට ඉඩ ඇති බවට හැටන් පොලිසියේ උසස් නිලධාරීන් විසින් තොණ්ඩමාන් මහතාට දුරකතනයෙන් කතා කර ඒ බව දැනුම් දීමෙන් පසු තොණ්ඩමාන් මහතා තම ආධාරකරුවාගේ නිවෙසට නොගොස් ආපසු කොටගල ලංකා කම්කරු කොංග්‍රස් මූලස්ථානයට ගොස් තිබිණි.

මෙවර පළාත් පාලන මැතිවරණයෙන් හැටන්-දික්ඔය නගර සභාවේ මන්ත්‍රි ධුර 15 වෙන් මන්ත්‍රි ධුර හතක් ජය ලබා ගත් එක්සත් ජාතික පක්ෂය හැටන්-දික්ඔය නගර සභාවේ පාලන බලය ලබා ගන්නා බවත් එහි සභාපති ධුරය තමන්ට හිමිවන බවත් හිටපු නගරාධිපතිවරයා තම ආධාරකරුවන්ට දැනුම් දී මැතිවරණ දිනයේදී ඔහුගේ නිවෙසේ සාදයක්ද පවත්වා තිබියදී තොණ්ඩමාන් මහතා (11දා) දිනයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ එක්වී හැටන් - දික්ඔය නගර සභාවේ ඇතුළු නුවරඑළිය දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 11ක පාලන බලය ලබා ගැනීමට කටයුතු කිරීමත් සමඟ මෙම ගැටුම්කාරී තත්ත්වය මතුවිය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon