ප්‍රීතිමත් ශිව රාත්‍රි දිනයක් වේවා!

  👤  3288 readers have read this article !
By mawbima 2018-02-13

මහා ශිව රාත්‍රි උත්සවය සමරන සමස්ත හින්දු ජනතාවට අර්ථ පූර්ණ හා ප්‍රීතිමත් ශිව රාත්‍රි දිනයක් මෙන්ම සෞභාග්‍යවත් අනාගතයක් වෙනුවෙන් වන ඔවුන්ගේ අපේක්ෂාවන් ඉටුවේවා යැයි හදපිරි පැතුම සමඟින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මහා ශිව රාත්‍රි දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි.
වාර්ගික, ආගමික භේදවලින් තොරව එකිනෙකාගේ සංස්කෘතික, ආගමික විවිධත්වය අගයමින් එකමුතුව දිවි ගෙවන්නට මහා ශිව රාත්‍රි දිනය අප ජීවිතවලටද ආලෝකයේ මාවතක් කර ගනිමු යැයිද එම පණිවුඩයේ සඳහන් කරයි.

එම සුබ පැතුම් පණිවුඩයේ මෙසේද සඳහන් වේ.
සියලු සත්ත්වයන්ට ආදරය, කරුණාව දක්වමින් එමඟින් දෙවියන් රකින උසස් හින්දු සම්ප්‍රදායකින් යුත් ශ්‍රී ලාංකික හින්දු ජනතාවද ශ්‍රී ලංකාවේ වෙසෙන අනෙකුත් ජාතීන් සමඟ එක්සත්ව හා මිත්‍රත්වයෙන් ජීවත් වීමේ දීර්ඝ ඉතිහාසයකට උරුමකම් කියති.

ලොව පුරා හින්දු භක්තික ජනතාව අවසානයක් හා ආරම්භයක් නොමැති කරුණාවන්ත වූ ශිව දෙවියන් වෙනුවෙන් පුද පිළිවෙත් ඉටුකරමින් මහත් හරසිරින් මහා ශිව රාත්‍රි දිනය සමරන අතර, මෙය ශිව දෙවියන් අතිශය ප්‍රිය කරන රාත්‍රිය ලෙස සැලකේ.

මෝහාන්ධකාරය දුරු වී ප්‍රඥාලෝකය දැල්වේවායි ප්‍රථමයෙන්ම මේ රැය පුරා හින්දු බැතිමත්හු උපවාසයේ යෙදෙමින් පුණ්‍යක්‍රියා ඉටු කරති. ශිව රාත්‍රිය අර්ථවත්ව ගතකිරීමෙන් ආධ්‍යාත්මික විමුක්තිය උදාවෙන බව ඔවුන්ගේ විශ්වාසයයි. ශිව දෙවියන්ගේ නර්තනය සිදුවූ රාත්‍රියද වන මහා ශිව රාත්‍රි දිනය සුවිශේෂ සංස්කෘතික අංගවලින්ද සමන්විතය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon