සමස්ත ලෝකයටම ශාන්තිය උදාවේවා!

  👤  3343 readers have read this article !
By mawbima 2018-02-13

ආගමික විශ්වාසයන් හා සමාජ යහපැවැත්ම වඩ වඩාත් මිනිස් සමාජය තුළ තහවුරු කරන්නට හේතුවන මහා ශිව රාත්‍රි දිනය සමරන ශිව භක්තිකයන් සියලු දෙනාට හෘදයාංගම සුබ පැතුම් පිරිනමමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පණිවුඩයක් නිකුත් කර තිබේ.
මිනිසා තුළ නිදන්ගතව ඇති මමත්වය හා අහංකාරය දුරු කිරීමට ඉවහල් වන 'ප්‍රඥා ලෝකය පැතිරේවා' යන ප්‍රාර්ථනයෙන් යුක්තව සමස්ත ලෝකවාසී හින්දු බැතිමතුන් මහත් බැතියෙන් යුක්තව උපවාස සීලය සමාදන් වන මහා ශිව රාත්‍රි දිනය වෙනුවෙන් සමස්ත ලෝකයටම ශාන්තිය උදා වේවා යැයි යන ප්‍රාර්ථනය සමඟින් ජනාධිපතිවරයා සිය සුබපැතුම් ඉදිරිපත් කරයි.

ජනපති සුබපැතුමේ මෙසේද සඳහන් වේ
පංචේන්ද්‍රීයයන්ට නතුව, සිත අයාලේ යා නොදී, නිශ්චිත අරමුණක පිහිටුවා ගනිමින් දේව බැතියෙන් යුතුව ශිව භක්තිකයන් විසින් පිළිපදිනු ලබන උපවාස අතර, මහා ශිව රාත්‍රි උපවාසය සුවිශේෂි තැනක් හිමි කර ගනී.

මෙදින නොනිදා රැය පහන් කරමින්, එම කාලය තුළ ශිව දෙවියන් උදෙසා පුද පූජා පැවැත්වීමෙන් දැන හෝ නොදැන තමන් අතින් සිදු කෙරුණා වූ පාපයන්ට සමාව ලැබී දුක්ඛ දෝමනස්සයන් දුරස් වී සිතට ශාන්තියත්, නිරත කාර්යයන්හි ජයග්‍රහණයත්, අවසානයේ මෝක්ෂයත් අත්කර ගැනීමට හේතුවන බව ශිව බැතිමතුන්ගේ විශ්වාසයයි.
එසේම මෙම ශිව රාත්‍රි වත් පිළිවෙත් සමඟ මිනිසා තුළ ඇති මමත්වයත්, අහංකාරයත් නැතිවී එයින් ස්වකීය ජීවිතය සුඛිත මුදිත කර ගැනීමට අවස්ථාව සැලසෙන බව ශිව බැතිමතුන්ගේ පිළිගැනීම වී තිබේ.

ඒ අනුව මහා ශිව රාත්‍රි උපවාසය මිනිස් සිත් සතන් හි හටගන්නා නපුරු සිතිවිලි නමැති අඳුරු දුරලා, ප්‍රඥාව නමැති ආලෝකය දල්වාලයි. ඒ අනුව මිනිස් වර්ගයා අතර සංහිඳියාව සහ සහජීවනය ඇතිවීමටද මං පාදයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon