උතුම් මිනිසකුගේ සත් ක්‍රියාවක්

  👤  3371 readers have read this article !
By mawbima 2018-02-13

මැලේරියාවට ලේ පරීක්ෂා කිරීම සඳහා පැමිණි ගැබිනි තරුණ කාන්තාවකගේ පවුම් 2 1/2ක් බර ලක්ෂයකට වඩා වැඩි වටිනාකමකින් යුත් රත්රන් මාලයක් සිය කාමරයේ වැටී තිබියදී එය අහුලාගෙන එම මොහොතේම එම කාන්තාව සොයා මාලය ලබාදුන් අවංක නිලධාරියකු පිළිබඳව අපට කන්තලේ මූලික රෝහලේදී අසන්නට ලැබිණි.
මේ උතුම් සද්කාර්යය සිදු කළේ කන්තලේ මූලික රෝහලේ මැලේරියා අංශයේ රුධිර පරීක්ෂක ඩබ්.ජී. චතුරංග (30) මහතාය.

සිය කාමරය තුළ බිම වැටී තිබූ මාලය අවසන් වරට පැමිණි කාන්තාවගේ විය යුතු යැයි සිතූ චතුරංග මහතා සිද්ධිය වහාම රෝහල් පොලිසියේ පොලිස් සැරයන්වරයාට දන්වා ඔවුන් සමඟ රෝහල් භූමිය පුරාත්, මාර්ගයේත් සොයා අවසන මහාමාර්ගයට අවතීර්ණ වී සිටින ගැබිනි මාතාව හමුවී ඇත. පසුව රෝහල් පොලිසියට කැඳවා විත් මාලය පිළිබඳ සිය අනන්‍යතාව තහවුරු කර ගැනීමෙන් පසු ඇයට මාලය ලබාදී ඇත.

එතෙක් ඇය ඒ පිළිබඳව කිසිත් නොදැන සිට ඇති අතර සිය විවාහ දිනයේදී තම ස්වාමිපුරුෂයා පැලඳූ මාලය බවත් කළ උදව්ව සිය හදවතින්ම ස්තුතිය පුද කරන බවත් පවසා ඇත්තේ හැඬු­ කඳුළිනි.

සිද්ධියට මුහුණපා ඇත්තේ කන්තලේ පේරාරු ජනපදයේ තම කුලුඳුල් දරු ප්‍රසූතිය සඳහා රුධිරය පරීක්ෂා කර ගැනීම සඳහා පැමිණි 27 හැවිරිදි මුස්ලිම් කාන්තාවකි.
කන්තලේ - ඩබ්.එම්. වික්‍රමසිංහ

සියල්ල නරඹන්න

විනෝදාත්මක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon