හෙට තීරණාත්මක රැස්වීමක්

  👤  3487 readers have read this article !
By mawbima 2018-02-13

ඩබ්ලිව්. කේ. ප්‍රසාද් මංජු

හෙට (14දා) දින ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත අමාත්‍ය මණ්ඩල රැස්වීම බොහෝ දුරට තීරණාත්මක එකක් වනු ඇති බවට දේශපාලන ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

පෙ.ව. 10.00ට ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෙම අමාත්‍ය මණ්ඩල රැස්වීම පැවැත්වීමට නිමිතය.
2018 පළාත් පාලන මැතිවරණයේ ඡන්ද ප්‍රතිඵලවලින් පසුව රටේ ඇතිවී තිබෙන වත්මන් දේශපාලන තත්ත්වය සහ ජනාධිපතිතුමා කඩිනමින් ක්‍රියාත්මක කිරීමට සූදානම් වන රටට දැනෙන වෙනස ගැන මේ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී කතාබහ කිරීමට සූදානමක් පවතින බවටද තොරතුරු වාර්තා වේ.
මීට අමතරව වත්මන් ආණ්ඩුව ඉදිරියට ගෙනයෑමේදී සිදුකළ යුතු වෙනස්කම් ගැන අමාත්‍යවරුන් කිහිපදෙනකුම මෙම අමාත්‍ය මණ්ඩල රැස්වීමට කරුණු ඉදිරිපත් කිරීමට සූදානමින් සිටින බවද දේශපාලන ආරංචි මාර්ගවලින් වැඩිදුරටත් වාර්තා වේ.

අද (13දා) දින පැවැත්වීමට නියමිත අමාත්‍ය මණ්ඩල රැස්වීම හෙට (14දා) දින පැවැත් වෙන්නේ අද දිනට මහා ශිව රාත්‍රි දිනය යෙදී තිබෙන නිසාය.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon