ඇලෝසියස්ගෙන් ඇතුළෙදීම ප්‍රශ්න කරන්න අවසර

  👤  3299 readers have read this article !
By mawbima 2018-02-13

අමිල අබේරත්න

මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කොට සිටින පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු ලෙස සැලකෙන අර්ජුන් ඇලෝසියස් සහ එහි ප්‍රධාන විධායක නිලධාරි කසුන් පලිසේන යන අයගෙන් බැඳුම්කර වංචාවට අදාළව බන්ධනාගාරය තුළදී ප්‍රකාශ සටහන් කර ගැනීමට කොළඹ කොටුව මහෙස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු ලංකා ජයරත්න මෙනවිය ඊයේ (12දා) අවසර ලබා දුන්නාය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් කළ ඉල්ලීමකට අනුව කොටුව මහෙස්ත්‍රාත්වරිය එලෙස අවසර ලබාදුන් අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉල්ලීම පරිදි මේ මස 13,14,15 යන දිනයන්හිදී ප්‍රකාශ සටහන් කර ගැනීමට අවසර ලබාදෙනු ලැබිණි.
එම ඉල්ලීමට අවසර දෙමින් ඒ සඳහා ඉඩකඩ සලසන ලෙසද වැලිකඩ බන්ධනාගාර අධිකාරිවරයාට මහෙස්ත්‍රාත්වරිය නියෝගයක් කර සිටියාය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon