මෛත්‍රි රනිල් කතා කරලා නෑ

  👤  4228 readers have read this article !
By mawbima 2018-02-13

පළාත් පාලන මැතිවරණයෙන් අනතුරුව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්වරුන් අතර ඉදිරි දේශපාලන කටයුතු පිළිබඳව ඇති වූවා යැයි කියන එකඟතා පිළිබඳව කිසිදු තීරණයකට හෝ එකඟතාවකට එළැඹ නැතැයි ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කරයි.
මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය ඒකකය මෙසේ සඳහන් කරයි.

පළාත් පාලන මැතිවරණයෙන් අනතුරුව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා අතර ඉදිරි දේශපාලන කටයුතු පිළිබඳව ඇති වූවා යැයි කියන එකඟතා පිළිබඳව ඇතැම් මාධ්‍ය තුළ විවිධ මත පළ වෙමින් තිබේ.

පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම හෝ ආණ්ඩුවේ ඉදිරි දේශපාලන කටයුතු පිළිබඳව එවැනි කිසිදු තීරණයකට හෝ එකඟතාවකට එළැඹ නැති බැවින් එම මාධ්‍ය වාර්තා ප්‍රතික්ෂේප කෙරේ.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon