මැතිවරණ නිලධාරීන්ට වැරදුණු තැනක්

  👤  3368 readers have read this article !
By mawbima 2018-02-12

තලාව ප්‍රාදේශීය සභාවට අපේක්ෂකයන් තෝරාගැනීමට පැවැති ඡන්ද විමසීමේදී තඹුත්තේගම ගම්මාන 04 ඡන්ද මධ්‍යස්ථානයේදී ඡන්දය ප්‍රකාශ කළ යුතු පුද්ගලයකු විසින් එම ඡන්ද පත්‍රිකාව භාවිත කරමින් ගම්මාන 07 ඡන්ද පොළේදී ඡන්දය ප්‍රකාශ කිරීම සිදුකළත් එහි සිටි කිසිම නිලධාරියකුට හෝ ඡන්දපොළ නියෝජිතයකුට එය හසු නොවීමේ පුවතක් වාර්තා වේ.

ගම්මාන හත ඡන්ද මධ්‍යස්ථානයේ නාමලේඛනයේ අංක 721 යටතේ නම සඳහන් පුද්ගලයා විසින් ඡන්ද මධ්‍යස්ථානය පිළිබඳව අවබෝධයක් නොමැතිවීමෙන් ගම්මාන හත ඡන්ද මධ්‍යස්ථානයට ගොස් ඡන්දය පාවිච්චි කළත් එහි සිටි කිසිම නිලධාරියකුට හෝ ඡන්දපොළ නියෝජිතයකුට හෝ එය හසුවී නොමැත. ඊට ටික වේලාවකට පසුව ගම්මාන 07 ඡන්ද මධ්‍යස්ථානයේ නාමලේඛනයේ අංක 721 යටතේ නම සඳහන් පුද්ගලයා විසින් ඡන්දය ප්‍රකාශ කිරීමට පැමිණියත් එය භාවිත කර ඇති නිසා නැවත එය භාවිත කිරීමට අවස්ථාව දිය නොහැකි බව එහි සිටි මැතිවරණ නිලධාරීන් පවසා තිබේ.

මෙම පුද්ගලයන් දෙදෙනාගේ නම් පවා එකට එකක් වෙනස්ව තිබුණත් ඡන්ද නාමලේඛනයේ අංකය පමණක් සමාන වී ඇත. නමුත් ඡන්දය ප්‍රකාශ කිරීමට පෙර මැතිවරණ කටයුතුවල නියුතු නිලධාරීන් තිදෙනකු විසින් නම, හැඳුනුම්පත හා ඡන්ද කාඩ්පත පරීක්ෂාවට ලක්කරන අතර මෙම නිලධාරීන් විසින් නම පරීක්ෂා නොකර ඡන්ද නාමලේඛනයේ අංකය පමණක් පරීක්ෂා කිරීම නිසා මෙවැනි තත්ත්වයක් සිදුවී ඇති බව අපේක්ෂකයෝ පෙන්වා දෙති. මෙම සිද්ධිය සම්බන්ධයෙන් තඹුත්තේගම ප්‍රාදේශීය ලේකම් රේණුකා වන්සේකර මහත්මියට පැමිණිල්ලක් ලැබීමෙන් පසුව අනුරාධපුර දිස්ත්‍රික් ලේකම්වරයා හා සහකාර මැතිවරණ කොමසාරිස්වරයා දැනුවත් කර තිබේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon