ඡන්දය දවසේ 133ක් අත්අඩංගුවට අරන්

  👤  3227 readers have read this article !
By mawbima 2018-02-12

පළාත් පාලන ඡන්ද විමසීමේ කාල සීමාව තුළ මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සහ මැතිවරණ පැමිණිලිවලට අදාළව සැකකරුවන් 133 දෙනකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

මැතිවරණ නීති උල්ලංඝනය කිරීමේ සිද්ධීන් 73ක් සම්බන්ධයෙන් සැකකරුවන් 119 දෙනකු අත්අඩංගුවට ගෙන ඇත. එසේම ලද මැතිවරණ පැමිණිලි 126ක් සම්බන්ධයෙන් සැකකරුවන් 14 දෙනකු අත්අඩංගුවට ගෙන තිබේ. පළාත් පාලන මැතිවරණය ආරම්භ වීමත් සමඟ මේ දක්වා මැතිවරණ පැමිණිලි සහ මැතිවරණ නීති උල්ලංඝනය කිරීමේ සිද්ධීන් 1093ක් සම්බන්ධයෙන් අපේක්ෂකයන් 82ක් ඇතුළු මුළු සැකකරුවන් 655 දෙනකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කරයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon