බාප්පයි පුතයි ටයි ටයි: කුසපත් ඇදලා පුතා ගොඩ

  👤  3238 readers have read this article !
By mawbima 2018-02-12

අනුරාධපුර - වික්‍රම රලපනාව

මෙවර පළාත් පාලන මැතිවරණයට එක්සත් ජාතික පක්ෂයෙන් තරග වැදුණු ඥාති පුත්‍රයා හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරග වැදුණු බාප්පා කෙනකුගේ ඡන්ද සංඛ්‍යාව සමාන වීමෙන් කුසපත් ඇදීමට සිදුවූ පුවතක් අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් වාර්තා වේ.

එසේ සිදුවී ඇත්තේ පලාගල ප්‍රාදේශීය සභාවට අයත් දඹුලු හල්මිල්ලෑව කොට්ඨාසයේ එජාප අපේක්ෂක සුරංග රත්නායක හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක අනුර ප්‍රභාත් රත්නායක මහතුන්ටයි. මේ දෙදෙනාම ලබාගෙන තිබුණේ ඡන්ද 1681 බැගිනි. සුරංග මහතා අනුර මහතාගේ පියාගේ සොයුරාගේ පුත්‍රයායි. ප්‍රථම වරට ප්‍රාදේශීය සභා මැතිවරණයට ඉදිරිපත් වූ සුරංග වෘත්තියෙන් ව්‍යාපාරිකයෙකි.

අනුර මහතා එම සභාවේම හිටපු සභාපතිවරයෙකි. ඇති වූ සමාන තත්ත්වය මත අදාළ කොට්ඨාසයේ මන්ත්‍රිවරයා තේරීම සඳහා අනුරාධපුර තේරීම් භාර නිලධාරි ආර්. එම්. වන්නිනායක මහතා අදාළ පක්ෂවලින් බලය පැවැරූ නායකයන් හා සාකච්ඡා කොට කුසපත් ඇදීම සිදු කළේ ඊයේ (11දා) පෙරවරු 1.30ට පමණය. අනතුරුව එහි ජයග්‍රහණය ඥාති පුතාට ලැබිණි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon