ප්‍රතිඵල අවසන් නොකර කොමිෂන් කාර්යාලය වහලා

  👤  3394 readers have read this article !
By mawbima 2018-02-12

පළාත් පාලන ඡන්ද ප්‍රතිඵල නිකුත් කිරීම ඊයේ සවස හත පමණ වන විට සම්පූර්ණයෙන් අවසන් නොකර මැතිවරණ කොමිෂන් සභා කාර්යාලය වසා දමා කොමිසමේ සභාපතිවරයා කාර්යාලයෙන් පිටව ගොස් ඇත.

මේ තත්ත්වය නිසා සම්පූර්ණ ඡන්ද ප්‍රතිඵල මාධ්‍යයෙහි පළකිරීම නොහැකි විය.
ඡන්ද ප්‍රතිඵල තම දෙපාර්තමේන්තුවට ලැබුණු වහාම මාධ්‍යයට නිකුත් කළ බව සඳහන් කළ ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයා අවසන් ප්‍රතිඵල කිහිපය ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවට නොලැබුණු බව සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් විමසුමට කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සම්බන්ධ කර ගැනීමට බොහෝ වේලාවක් තිස්සේ ගත් උත්සාහය ව්‍යර්ථව වූ අතර අවසානයේ නියෝජ්‍ය කොමසාරිස් එම්.එම්. මොහමඩ් මහතාගෙන් විමසන ලදුව ඔහු කියා සිටියේ 'අපි ප්‍රතිඵල 340ම නිකුත් කළා, එපමණයි එතැනින් එහාට අපි නිදහස්' යනුවෙනි.
වෙනත් මැතිවරණවලදී මෙන් අවසන් සමුච්චිත ප්‍රතිඵලය නිකුත් කිරීම මේ අවස්ථාවේදී සිදු නොකරන්නේ මන්දැයි නැඟූ ප්‍රශ්නයට ඔහුගේ පිළිතුර වූයේ, 'ඒක අපට අයිති වැඩක් නොවේ' යන්නය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon