විශිෂ්ට ජයග්‍රහණය ගැන මහින්ද ජනතාවට ප්‍රණාමය පුදකරයි

  👤  3232 readers have read this article !
By mawbima 2018-02-12

අනේක විධ බාධා මැද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සුවිශේෂී විශිෂ්ට ජයග්‍රහණයක් ලබාදීම ගැන ශ්‍රී ලංකාවේ සියලුම ඡන්ද දායකයන්ට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිය ප්‍රණාමය පුදකර සිටී.

හිටපු ජනාධිපතිවරයාගේ අස්සනින් නිවේදනයක් නිකුත් කරමින් ජයග්‍රහණය සාමකාමීව භුක්ති විඳින්නැයි ජනතාව වෙත ඉල්ලීමක්ද කරයි.
එම නිවේදනයේ මෙසේද දැක්වේ.

මෙවර පළාත් පාලන මැතිවරණයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අති විශිෂ්ට ජයග්‍රහණයක් ලබමින් සිටින බව නන් දෙසින් ලැබෙන පුවත්වලින් සනාථ වේ. අනේක විධ බාධා මැද මෙවන් සුවිශේෂී ජයග්‍රහණයක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ලබාදුන් ශ්‍රී ලංකාවේ සියලුම ඡන්ද දායකයන්ට මගේ ප්‍රණාමය පුදකර සිටිමි. ශ්‍රී ලංකාවේ විපාක්ෂික බලවේගය වන ඒකාබද්ධ විපක්ෂය ඉතිහාසයේ අන් කවරදාකටත් වඩා ඉතාමත්ම දුෂ්කර හා පීඩාකාරී තත්ත්වයන් යටතේ මේ ජයග්‍රහණය ලබාගෙන තිබේ.

පසුගිය වකවානුවේ තමන් ආණ්ඩුව පැත්තෙන් කොතරම් පීඩනයකට, දඩයමකට ලක්වී සිටියත්, ජනතාව අපට ලබාදී ඇති මෙම විශිෂ්ට ජයග්‍රහණ ඉතාමත් සාමකාමීව, සංවරයකින් යුතුව, පරාජිත පාර්ශ්වවලට අගෞරවයක් සිදු නොවන ආකාරයට භුක්ති විඳින මෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ තරග කළ සියලුම පාර්ශ්වවලින් මම සහෝදරත්වයෙන් ඉල්ලා සිටිමි. අප මේ රටේ ඡන්ද දායකයන්ට උපහාර දක්වන ප්‍රධානම විදිය එය බව කවුරුත් සිහිපත් කළ යුතුවේ.

ශ්‍රී ලංකාවාසී ජනතාවට ජයවේවා!
ඔබ සැමට තෙරුවන් සරණයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon