මවුබිම සුරැකීමට ජනතාව කැප වුණා

  👤  3573 readers have read this article !
By mawbima 2018-02-12

ඩබ්ලිව්.කේ. ප්‍රසාද් මංජු

උත්තරීතර මාතෘභූමියේ අනාගතය සුරක්ෂිත කිරීම සඳහා එකා මෙන් කැපවීමෙන් පළාත් පාලන මැතිවරණය ජයග්‍රහණය උදෙසා දැක්වූ සහයෝගයට සියලුම ශ්‍රී ලාංකිකයන්ට තම ගෞරවාන්විත ප්‍රණාමය පුදකරන බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ෆේස්බුක් පිටුවේ සඳහනක් කර ඇත.

ජනතාව සැමදාමත් රැවටිය නොහැකි බව මෙම ජයග්‍රහණයෙන් මැනවින් පිළිබිඹු වන බව ප්‍රකාශ කරන හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා එම සටහන අවසන් කර ඇත්තේ 'ඔබ සැමට සුබ අනාගතයක් පතමි' යනුවෙන්ද සඳහන් කරමිනි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon