ඡන්දය සාමකාමියි

  👤  2975 readers have read this article !
By mawbima 2018-02-12

චාමර අමරසූරිය

පළාත් පාලන ඡන්ද විමසීම නිදහස් සහ සාමකාමී අයුරින් පැවැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා "මව්බිම"කළ විමසුමකදී පැවැසීය.ඡන්ද විමසීමට බාධා වන අයුරින් කිසිදු ප්‍රචණ්ඩ ක්‍රියාවක් වාර්තා නොවූ බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
ඡන්ද විමසීම අවසන් වී ඊයේ (11දා) පස්වරුව වනවිට මැතිවරණ රාජකාරි සඳහා යොදවා සිටි පොලිස් නිලධාරීන්ගෙන් පිරිසක් එම රාජකාරිවලින් ඉවත් කිරීමට කටයුතු කළ බවද හෙතෙම සඳහන් කළේය.

නමුත් පොලිස් ජංගම රථ සේවා තවදුරටත් අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon