ෂෙහාන් ජයසූරියගෙන් තුන් ඉරියව් දස්කම්

  👤  3222 readers have read this article !
By mawbima 2018-02-12

ගමිත දෙහිපිටිය

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අන්තර් සමාජ ප්‍රමුඛ පෙළ ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තරගවලදී චිලව් මේරියන්ස්, ශ්‍රී ලංකා වරාය අධිකාරී, එන්.සී.සී සහ එස්.එස්.සී යන කණ්ඩායම් ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් විය.

මෙම තරගාවලිය සිවු දින තරගාවලියක් ලෙස පැවැත්වුවද රාගම කණ්ඩායම සහ චිලව් මේරියන්ස් කණ්ඩායම අතර තරගය දින දෙකක් නිමාවීමටත් පෙර නිමවූ අතර එම තරගයේ පළමුව පන්දුවට පහරදුන් රාගම කණ්ඩායමේ පළමු ඉනිම ලකුණු 57කට සීමා විය. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ චිලව් මේරියන්ස් කණ්ඩායම තම පළමු ඉනිම සදහා ලකුණු 211ක් ලබා ගත්තේය. එහිදී ෂෙහාන් ජයසූරිය ලකුණු 80ක් ලබා ගැනීමට සමත් විය. ඉන් අනතුරුව සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කළ රාගම කණ්ඩායම ලකුණු 148කට සීමා වූයේ චිලව් මේරියන්ස් කණ්ඩායමට ඉනිමක සහ ලකුණු 6ක ජයක් හිමිකර දෙමිනි. මෙම තරගයේදී චිලව් මේරියන්ස් කණ්ඩායම වෙනුවෙන් ෂෙහාන් ජයසූරිය ලකුණු 88කට කඩුලු 10ක් බිඳහෙළීමට සමත් වීම කැපී පෙනේ.

මේ අතර පසුගියදා නිමාවට පත්වූ තරගවලදී කෝල්ට්ස් සහ වරාය අධිකාරි කණ්ඩායම් අතර තරගයෙන් වරාය අධිකාරි කණ්ඩායමට ඉනිමක සහ ලකුණු 134ක ජයක් ද එන්.සී.සී සහ සැරසන්ස් කණ්ඩායම් අතර තරගයෙන් එන්.සී.සී. කණ්ඩායමට ලකුණු 313ක ජයක් ද බී.ආර්.සී. සහ එස්්.සී.සී. කණ්ඩායම් අතර තරගයෙන් එස්්.සී.සී. කණ්ඩායමට කඩුලු 8ක ජයක් ද හිමි විය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon