රංගනගෙන් තවත් ලෝක වාර්තාවක්

  👤  3242 readers have read this article !
By mawbima 2018-02-12

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පැවැති දෙවැනි ටෙස්ට් තරගයේදී වමත් දඟ පන්දු යවන රංගන හේරත් බංග්ලාදේශ දෙවැනි ඉනිමේදී ලකුණු 49කට කඩුලු 4ක් දවා ගැනීමත් සමඟ තම ටෙස්ට් දිවියේ කඩුලු සංඛ්‍යාව 415ක් ලෙස සටහන් වූ අතර එය මෙතෙක් ලොව වමත් දඟ පන්දු යවන්නකු වාර්තා කරන ලද වැඩිම කඩුලු සංඛ්‍යාව විය. ඒ අනුව එම වාර්තාවට මින් පෙර හිමිකම් කියූ පාකිස්තානයේ වමත් වේගපන්දු යවන වසීම් අක්‍රම් (කඩුලු 414ක්) සතුව තිබූ ලෝක වාර්තාව බිඳ හෙළන්නටද රංගන හේරත් සමත් වී ඇත.

ටෙස්ට් තරග 89කදී ඉනිම 162 කට ක්‍රීඩා කර ඇති රංගන හේරත්ගේ ඉනිමක වාර්තා වූ හොඳම පන්දු යැවීම ලෙස ලකුණු 127කට කඩුලු 9ක් (දකුණු අප්‍රිකාවට එරෙහිව) සහ තරගයක හොඳම පන්දු යැවීම ලෙස ලකුණු 184කට කඩුලු 14ක් (පාකිස්තානයට එරෙහිව) දවා ගැනීම වාර්තා වේ. කෙසේ වෙතත් 39 හැවිරිදි රංගන හේරත් ජාත්‍යන්තර එක්දින තරග 71කට සහභාගි වී දවාගෙන ඇති කඩුලු සංඛ්‍යාව 74ක් වන අතර ජාත්‍යන්තර විස්සයි-20 තරග 17කදී කඩුලු 8ක් බිඳහෙළා ඇත.
මේ අතර එම වාර්තාවේ තුන්වැනි ස්ථානය ටෙස්ට් කඩුලු 362ක් බිඳහෙළා ඇති නවසීලන්ත කණ්ඩායමේ හිටපු නායක දඟ පන්දු යවන ක්‍රීඩක ඩැනියෙල් විටෝරි හටද සිවුවැනි ස්ථානය ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු වේග පන්දු යවන ක්‍රීඩක චමින්ද වාස් හටද හිමි වී ඇති අතර ඔහු දවාගෙන ඇති ටෙස්ට් කඩුලු සංඛ්‍යාව 355කි. තවද ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ හිටපු වේග පන්දු යවන ක්‍රීඩක මිචෙල් ජොන්සන් ටෙස්ට් කඩුලු 313ක් දවා ගනිමින් එහි පස්වැනි ස්ථානය හිමි කරගෙන ඇත.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon