ඡන්ද අපේක්‍ෂකයකු හෘදයාබාධයකින් මිය ගිහින්

  👤  3249 readers have read this article !
By mawbima 2018-02-12

නිට්ටඹුව -
මනෝජ් පතිරණ

මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා ඉදිරිපත් වූ අපේක්‍ෂකයකු පසුගියදා (10දා) හදිසියේ හෘද ආබාධයකින් මියගොස් ඇත.
මෙසේ මියගොස් ඇත්තේ මාවතහේන දෙබහැර ප්‍රදේශයේ පදිංචිව සිටි එච්.පී. ප්‍රේමරත්න නමැති පෞද්ගලික ආයතනයක ලිපිකරුවකු වශයෙන් සේවය කළ 60 හැවිරිදි එක්දරු පියෙකි. හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් වතුපිටිවල දිස්ත්‍රික් මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගිය බව රෝහල් ප්‍රකාශකයකු පැවැසීය.
මියගිය එච්.පී. ප්‍රේමරත්න මහතා මෙවර මීරිගම ප්‍රාදේශීය සභාවට ජනතා විමුක්ති පෙරමුණෙන් තරඟ කළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon