බි්‍රගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුගේ සේවය අත්හිටුවන්නැයි ඉල්ලා කොටි උද්ඝෝෂණයක

  👤  3053 readers have read this article !
By mawbima 2018-02-12

ඉෂාරා සිල්වා

ලන්ඩනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක වශයෙන් කටයුතු කරන බි්‍රගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතාගේ සේවය අත්හිටුවන ලෙස ඉල්ලමින් පසුගිය 09 වැනිදා කොටි හිතවාදී ඩයස්පෝරාව උද්ඝෝෂණයක් පවත්වා ඇත.

එම අවස්ථාවේදී ශ්‍රී ලාංකික ගෝලීය සංසදයේ පිරිස් ජාතික කොඩි අතින් ගෙන උද්ඝෝෂකයන්ට විරෝධය පා ඇති අතර එහිදී කලහකාරී ලෙස හැසිරුණු කොටි හිතවාදීන් ශ්‍රී ලාංකික ගෝලීය සංසදයේ නිලධාරීන් අත තිබූ ජාතික කොඩියක් උදුරාගෙන ගිනි තැබීමටත් ඔවුන්ට පහරදීමටත් උත්සාහ දරා තිබේ. ශ්‍රී ලාංකික ගෝලීය සංසදයේ සභාපති වසන්ත කීර්තිරත්න මහතා සහ එම සංවිධානයේ මහා බි්‍රතාන්‍යයේ සම සභාපති ඉන්දික ගුණසේකර මහතා ඇතුළු කණ්ඩායමක් මෙම සිද්ධියට මුහුණ දී තිබේ. දෙදහසකට අධික කොටි හිතවාදීන් පිරිසක් ඉදිරියේ ඇතිවූ මෙම සිද්ධිය පොලිස් නිලධාරීන් පැමිණ සමථයකට පත් කර තිබේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon