එජාප අපේක්ෂකයාට එස්.බී.යි පුතයි පහරදීලා

  👤  3271 readers have read this article !
By mawbima 2018-02-12

ගම්පොළ - මාධව බණ්ඩාර කුරුඳුවත්ත - ජගත් විජේසිංහ

ගලහ, උඩදෙල්තොට ප්‍රදේශයේදී අමාත්‍ය එස්.බී. දිසානායක මහතා හා ඔහුගේ පුතකු විසින් ගිනි අවිවලින් පහර දුන්නැයි පවසමින් පාතහේවාහැට ප්‍රාදේශීය සභාවට එජාපයෙන් තරග කළ අපේක්ෂකයා හා තවත් ආධාරකරුවකු ගලහ ග්‍රාමීය රෝහලට ඇතුළත් වී තිබේ.
අනුර බණ්ඩාරනායක නමැති මෙම අපේක්ෂකයාගේ පැමිණිල්ලට අනුව ඡන්ද මධ්‍යස්ථානයේ සිටින තම නියෝජිත පිරිසට කෑම පාර්සල් රැගෙන යමින් සිටියදී රැකවලුන් සමඟ පැමිණි අමාත්‍යවරයා හා ඔහුගේ පුත්‍රයා පිස්තෝලවලින් පහර දුන් බව පවසා ඇත.

නිදිවල්ලුවර් දෙමළ විද්‍යාල ඡන්ද මධ්‍යස්ථානය අසල සිදුවූ මෙම පහර දීමට පෙර මෙම අපේක්ෂකයා ඇතුළු පිරිසක් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ආධාරකරුවන් වන එම්. මුරලිදරන් හා ඔහුගේ පුතුට පහර දුන්නැයි පවසා එම දෙදෙනාද ගලහ රෝහලට ඇතුළත් වී සිටී.
හිස තුවාල වී සිටින මුරලිදරන් පහර කෑමට ලක්වීමෙන් නොව ඔහුගේ ත්‍රිරෝද රථය පෙරළීමෙන් මෙම තුවාලය සිදුව ඇති බවද කියති. කෙසේ වෙතත් මෙම සිද්ධි දෙක පිළිබඳවම ගලහා පොලිසිය පරීක්ෂණ අරඹා ඇත.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon