පාලිත තෙවරප්පෙරුම අධිකරණ නියෝග නොතකා තුන්වැනි දිනටත් උපවාසයේ

  👤  3072 readers have read this article !
By mawbima 2018-02-12

මතුගම - වසන්ත කුමාර

එක්සත් ජාතික පක්ෂයේ බුලත්සිංහල ප්‍රාදේශීය සභා අපේක්ෂකයකුට තර්ජනය කළ ප්‍රදේශයේ එක්සත් ජනතා නිදහස් සන්ධාන අපේක්ෂකයකු අත්අඩංගුවට නොගෙන බුලත්සිංහල පොලිසිය නීතිය ක්‍රියාත්මක නොකළේ යැයි නියෝජ්‍ය අමාත්‍ය පාලිත කුමාර තෙවරප්පෙරුම මහතා පසුගිය 09 දා ආරම්භ කළ උපවාසය ඊයේ (11දා) සවස වනවිට තුන්වැනි දිනටත් අධිකරණ නියෝග නොතකා සිදුකරන අයුරු දැකගත හැකිවිය.

පසුගිය 09දා බුලත්සිංහල පොලිසිය ඉදිරිපිට සිය නිලරථය මත නැඟී ආරම්භ කළ විරෝධතාව පසුව බුලත්සිංහල නගරයේ ප්‍රධාන මාර්ගයට මාරු කළේය. තමා සමඟ තම පුතු ගිනි තබාගෙන මැරෙන බවට පෙට්රල් බෝතලයක් ගෙලේ එල්ලාගෙන වාහනය මත නැඟී විරෝධතාව යළි බුලත්සිංහල පොලිසිය ඉදිරිපිට සිදුකරන අයුරු දැකගත හැකිය.

මැතිවරණ සමයේ නීති උල්ලංඝනය කරමින් සිදුකරන විරෝධතා නතර කරන්නැයි අධිකරණ නියෝග නොතකා නියෝජ්‍ය ඇමැතිවරයා දින තුනක් තිස්සේ විරෝධතාවයේ නිරත වන අයුරු ඡායාරූපයේ දැක්වේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon