ජයගත් අපේක්ෂකයා තවත් අපේක්ෂකයන් දෙදෙනකුට බරපතළ තුවාල සිදු කරලා

  👤  3260 readers have read this article !
By mawbima 2018-02-12

ජයගත් අපේක්ෂකයාගෙන් පහර කෑමට ලක්වූ අපේක්ෂකයන් දෙදෙනකු පෙරේදා (10දා) රාත්‍රි රෝහල් ගතකර ඇත.
මෙලෙස තුවාල ලබා රෝහල් ගතකර ඇත්තේ බළන්ගොඩ ප්‍රාදේශීය සභාවේ කිරිමැටිතැන්න කොට්ඨාසයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරග කළ හා ජාතික ලැයිස්තුවෙන් ඉදිරිපත් වූ චමින්ද හේවගේ සහ චාන්දන බස්නායක යන දෙදෙනායි. තුවාලකරුවන් බළන්ගොඩ මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව එක් අයකුගේ තත්ත්වය බරපතළ නිසා රත්නපුර මහ රෝහලට මාරුකර යවා ඇත.

මෙවර එක්සත් ජාතික පක්ෂයෙන් තරග කර ජයගත් සහන් බෝපිටිය ඇතුළු ආධාරකරුවන් විසිදෙනෙක් පමණ පැමිණ පහර දුන් බව තුවාල ලැබූවන් පොලිසියට පවසා ඇත. මේ පිළිබඳ සැක පිට ඔහුව බළන්ගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඊයේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි. බළන්ගොඩ පොලිස් ස්ථානාධිපති උදයන බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ මෙහෙයවීම මත වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon