හැටන්වලත් ඡන්ද වර්ජනයක්

  👤  3177 readers have read this article !
By mawbima 2018-02-12

නෝර්වුඩ් - රිද්මි මිලින්දිකා

හැටන් ගාමිණිපුර ප්‍රදේශයේ ඡන්දදායකයන් විශාල පිරිසක් පළාත් පාලන මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීමේ වර්ජනයක නියැළී සිටියහ.
වසර හතළිහක් තමන් හැටන් දික්ඔය නගර සභාවට ඡන්දය ලබාදුන් බවත් නව සීමා නිර්ණයෙන් තම ගම්මානයට කිලෝමීටර් දහයක් එපිටින් වූ නේර්වුඩ් ප්‍රාදේශීය සභාවට තමන්ගේ ඡන්දය ඇතුළත් කර ඇති බව පවසමින් ඡන්ද වර්ජනයේ නියැළී සිටින හැටන් ගාමිණිපුර ජනතාව චෝදනා කරති.

තමන්ගේ නිල ඡන්ද කාඩ්පත ලැබීමෙන් අනතුරුව තමන් වසර හතළිහක් පදිංචිව සිටි හැටන් දික්ඔය නගර සභාවෙන් තමන් නොදැනුවත්ම නෝර්වුඩ් ප්‍රාදේශීය සභාවට ඇතුළත් කර ඇති බව එම ගම්වැසියෝ පවසති.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon