පොහොට්ටුවේ අපේක්ෂකයා එජාප ආධාරකරුවකුට පහරදීලා

  👤  3263 readers have read this article !
By mawbima 2018-02-12

මාවනැල්ල - කේ.වී. බණ්ඩාර

පොහොට්ටුවේ අපේක්ෂකයකු විසින් එක්සත් ජාතික පක්ෂ ආධාරකරුවකුට පහරදී තුවාල සිදුකළ බව පවසමින් හෙම්මාතගම රජයේ රෝහලට පෙරේදා 10දා එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයා නේවාසික ප්‍රතිකාර සඳහා ඇතුළත් කර ඇත.
අදාළ රෝගියාගෙන් පැමිණිල්ල විභාග කර ප්‍රතිකාර සඳහා ඇතුළත් කර ටික වේලාවකට පසුව අදාළ අපේක්ෂකයාද හෙම්මාතගම රෝහලේ ප්‍රතිකාර ලබා ගැනීම සහා ඇතුළත් කරන ලද බව පොලිසිය පවසයි.

රුක්මලේ ප්‍රදේශයේ හෙම්මාතගම පොලිස් බල ප්‍රදේශයේ ඡන්ද මධ්‍යස්ථානයක් ආසන්යේදී පොදුජන පෙරමුණේ් අපේක්ෂකයා විසින් එජාප ආධාරකරුවාට පහරදුන් බව පවසමින් ප්‍රතිකාර ලබන්නේ එජාප ආධාරකරුවකු වන ඩී.එම්. සෙනෙවිරත්න බණ්ඩා යන අයයි.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය පැමිණ අදාළ අපේක්ෂකයාගෙන් හා ආධාරකරුවාගෙන් තොරතුරු ලබා ගනිමින් සිටි අතර සිද්ධිය සැලවීමෙන් පසුව අප මාධ්‍යද එහි ගොස් අදාළ රෝගීන් බැලීමට රෝහලේ වැඩ බලන වෛද්‍යවරයාගෙන් ඉල්ලා සිටියත් දහවල් මහජනතාව රෝගීන් බැලීමට පැමිණෙන අවස්ථාවේ මාධ්‍යයට ඒ සඳහා අවසර ලබා දීමට හැකි බව වෛද්‍යවරයා දැන්වුවත් ඒ වන විටත් මේ රෝගීන් බැලීම සඳහා ඔහුගේ ආධාරකරුවන් එහි ගොස් සිටිනු දැක ගත හැකි විය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon