අතුරුදන්වූවන්ගේ ඥාතීහු ඡන්දය වර්ජනය කරති

  👤  3196 readers have read this article !
By mawbima 2018-02-12

මුලතිව් - ශෂිකුමාර් සහ ඕමන්ත - ශේෂලා අමරසිංහ

පළාත් පාලන ඡන්දයේදී වවුනියාවේ අතුරුදන්වූවන්ගේ ඥාතීන් ඡන්දය දී නැත.
උපවාසයක නිරතව සිටින මෙම වවුනියාවේ අතුරුදන්වූවන්ගේ ඥාතීහු පළාත් පාලන මැතිවරණයේදී මෙසේ ඡන්දය දීමෙන් වැළකී සිටියහ.
අතුරුදන්වූවන් වෙනුවෙන් පිළිගත හැකි විසඳුමක් ඉල්ලා ආරම්භ කරන ලද සත්‍යග්‍රහයට පෙරේදා (10දා) දින 352ක් පිරී තිබිණි. මේ දක්වා තමන්ට විසඳුමක් නොලැබීම හේතුවෙන් පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළැකී සිටින බවට අතුරුදන්වූවන් පිළිබඳ තොරතුරු සොයාබලන සංගමයේ කේ. ජයවදිනි කියා සිටියාය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon