ඉලංගෙයි තමිල් අරසු පක්ෂ අපේක්ෂකයකු විරුද්ධ පක්‍ෂ ඡන්දදායකුට පහරදීලා

  👤  3243 readers have read this article !
By mawbima 2018-02-12

මුලතිව් - ශෂිකුමාර්, ඕමන්ත - ශේෂලා අමරසිංහ

මුලතිව්, පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේදී ඉලංගෙයි තමිල් අරසු පක්ෂ අපේක්ෂකයකු විසින් විරුද්ධ පක්ෂ ඡන්ද දායකයකුට පෙරේදා(10දා) දහවල් පහරදී ඇති බව පුදුකුඩිඉරිප්පු පොලිසිය පැවැසුවේය.

අදාළ පුද්ගලයා ඡන්ද මධ්‍යස්ථානය වෙත ගමන් කිරීමේදී ඉලංගෙයි තමිල් අරසු පක්ෂ ඡන්ද අපේක්ෂකයා විසින් පහරදී ඇති බව කියයි.
තුවාල ලැබූ පුද්ගලයා පුදුකුඩිඉරිප්පු රෝහල වෙත ඇතුළත් කොට ඇති අතර තුවාලකරුගේ මුහුණ තුවාල වී ඇති බවද පොලිසිය සඳහන් කළේය.
පහරදුන් අපේක්ෂකයා මේ වනවිට පලාගොස් ඇති බවටත් එම අපේක්ෂකයා අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ මෙහෙයවයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon