හෙම්මාතගම එ.ජා.ප. අපේක්ෂකයාගේ ආධාරකරුවන්ගේ අසංවර හැසිරීමෙන් ජනතාවටත් ගමනාගමනයටත් බාධා

  👤  3178 readers have read this article !
By mawbima 2018-02-12

මාවනැල්ල - කේ.වී. බණ්ඩාර

මාවනැල්ල - හෙම්මාතගම ගිනිහප්පිටිය කොට්ඨාසයේ එජාප අපේක්ෂකයකු ජයග්‍රහණය කරන බව පවසමින් ඔහුගේ ආධාරකරුවන් අපේක්ෂකයාගේ නිවෙස පිහිටා ඇති හෙම්මාතගම නගරයේ ගම්පොළ මංසන්ධියේ රතිඤ්ඤා පත්තු කරමින් ප්‍රධාන මාර්ගය හරස් කරමින් කෑ ගසමින් හූ කියමින් නගරයේ ගමන් කරන රථ වාහන මෙන්ම ජනතාවටද බාධාවක් වන අයුරින් පෙරේදා (10දා) රාත්‍රි හැසිරුණු ආකාරය දැකගත හැකි විය. හෙම්මාතගම පොලිස් බල ප්‍රදේශයේ හෙම්මාතගම නගරයේම පිහිටි පොලිස් ස්ථානයට මීටර් 100ක් පමණ දුරින් නගරයේ මෙවැනි ලෙස මේ ආධාරකරුවන් හැසිරුණේ ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානද එම නිවෙස පිටුපසින් ඇති කෑ/මාව නගරගිරි මහ විදුහලේ පැවැත්වෙන අතරවාරයේදීය.

මේ ස්ථානයට පොලිස් ජංගම රථයක් පැමිණ ආධාරකරුවන්ට අවවාද කර ගියත් ඔවුන් එම පොලිස් ජංගම රථය එම ස්ථානයෙන් පිටත් වූවායින් පසුව නැවත මාර්ගය හරස් කොට කෑ ගසමින් ජයග්‍රහණයෙන් ඔල්වරසන් දීම සිදු කරන්නට විය.පැය තුනකට වැඩි කාලයක් මේ බාධාකාරී තත්ත්වය පැවැතිණි.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon