පොළොන්නරුවේ මුද්‍රණාලයක දී ව්‍යාජ ඡන්ද පත්‍රිකා මුද්‍රණය කළ අයෙක් මාට්ටු

  👤  3242 readers have read this article !
By mawbima 2018-02-12

පොළොන්නරුව - බණ්ඩාර මුදියන්සේ

පොළොන්නරුව කදුරුවෙල මධ්‍යම බස් නැවතුම්පළේ ඉහළ මාලයේ වෙළෙඳ සංකීර්ණයේ පවත්වාගෙන ගිය මුද්‍රණාලයකදී නිල ඡන්ද පත්‍රිකාවලට සමාන ව්‍යාජ ඡන්ද පත්‍රිකා මුද්‍රණය කරමින් සිටි පුද්ගලයකු එම ව්‍යාජ ඡන්ද පත්‍රිකා සමඟ ඉකුත් 09 වැනිදා අත්අඩංගුවට ගත් බව පොළොන්නරුව පොලිසිය කියයි.
පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ මැතිවරණ නීති උල්ලංඝන සිද්ධීන් පිළිබඳ පැමිණිලි විමර්ශන කණ්ඩායමට ලද තොරතුරක් මත පොලිසිය සමඟ ගොස් (09දා) සවස 1.00 පමණ මේ මුද්‍රණාලය වටලා ඇත. ඒ වනවිට මුද්‍රණය කරමින් සිට ඇත්තේ දිඹුලාගල ප්‍රාදේශීය සභාවට අයත් නිල ඡන්ද පත්‍රිකාවට සමාන එකක් බවත් එහි අලියා ලකුණ ඉදිරියෙන් කතිරය සලකුණු කර තිබූ බවත් පොලිසිය සඳහන් කරයි.

මේ අතර පොළොන්නරුව මහ නගර සභා සීමාවට අයත් බැඳිවැව ප්‍රදේශයේ දී නිල ඡන්ද පත්‍රිකාවකට සමාන ව්‍යාජ ඡන්ද පත්‍රිකා නිවෙස්වලට කිසියම් පිරිසක් විසින් බෙදාහැර ඇති බවටද එම ප්‍රදේශයේ ජනතාව පැවැසුහ. මේ ඡන්ද පත්‍රිකාවේ පොහොට්ටුව සලකුණ ඉදිරියෙන් කතිරය ලකුණු කර ඇත.
සිද්ධි සම්බන්ධයෙන් පොළොන්නරුව මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති එම්.එස්.එම්. ජරූල් මහතාගෙන් අප කළ විමසුමකදී ඒ මහතා පැවැසුවේ මේ වැටලීම සිදුකරන අවස්ථාවේ එම මුද්‍රණාලයේ සිටි තවත් සේවිකාවක්ද පොලිස් භාරයට ගෙන ප්‍රකාශකයක් සටහන් කරගෙන මුදාහල බවයි. සැකකරු සමඟ මුද්‍රණ යන්ත්‍රයක් හා පරිගණකයක් අත්අඩංගුවටගෙන ඇත. සිද්ධි සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පොළොන්නරුව පොලිසිය විසින් සිදු කරයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon