දේශපාලන නායකයකුගේ රුව හා ඡන්ද සලකුණ මුද්‍රණය කළ ගිනි පෙට්ටි බෙදූ සේවකයෙක් අත්අඩංගුවට

  👤  3201 readers have read this article !
By mawbima 2018-02-12

ත්‍රිකුණාමලය - ලක්මාල් කේ. බදුගේ

කින්නියා මධ්‍ය මහා විද්‍යාලය හා අබ්දුල් මජීඩ් විද්‍යාලය යන ඡන්ද මධ්‍යස්ථාන ආසන්නයේ සැකකටයුතු ලෙස ගැවසුණු තිදෙනකු 10 වැනිදා පෙරවරුවේ අත්අඩංගුවට ගනු ලැබූ බව කින්නියා පොලිසිය පවසයි.
එක්තරා දේශපාලන පක්ෂ නායකයකුගේ රුව හා ඡන්ද සලකුණු මුද්‍රණය කළ ගිනි පෙට්ටි බෙදූ රජයේ සේවකයකු ගිනි පෙට්ටි 12ක් සමඟ කින්නියා බුහාරි මංසන්ධියේදී අත්අඩංගුවට ගෙන තිබේ.

මැතිවරණ නීති උල්ලංඝනය කරමින් ඡන්ද සලකුණ ප්‍රදර්ශන කළ දෙදෙනකු ඉකුත් 09දා කින්නියා නගරයේදී අත්අඩංගුවට ගෙන ඇත. මෙම සිද්ධි සම්බන්ධයෙන් කින්නියා පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එච්.එම්. පී.බී. විජේසිරි මහතාගේ ප්‍රධාන්වයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වෙයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon