තැලසීමියා රෝගී පුංචි සිනෙත් සුවපත් කරගන්න උදවු කරන්න

  👤  3318 readers have read this article !
By mawbima 2018-02-12

කුරුණෑගල දිස්ත්‍රික්කයේ අද වන විට තැලසීමියා රෝගයෙන් පෙළෙන රෝගීන් විශාල පිරිසක් වාර්තා වන අතර මේ අයුරින් වැඩි පිරිසක් කුඩා ළමයින්ය. තැලසීමියා රෝගයෙන් පෙළෙන එවැනි කුඩා දරුවකු අපට හමු වූයේ නිකවැරටිය මීවැල්ලෑව ප්‍රදේශයෙනි. වයස අවුරුදු එකහමාරක් වූ මේ දරුවා නමින් ඒ.එම්. සිනෙත් හසංගයි. කුරුණෑගල තැලසීමියා ඒකකයෙන් මාස්පතා රුධිරය ලබා දෙමින් ප්‍රතිකාර කරන මේ දරුවා සුව කර ගැනීමට ඇට මිදුලු බද්ධ ප්‍රතිකාර ක්‍රමය හරහා පමණක් හැකි බව පවසා වෛද්‍යවරු ඒ සඳහා ලක්‍ෂ හැත්තෑ තුනක් (73) පමණ වැය වන බව පවසති.

මේ තරම් මුදලක් වැය කිරීමට තමන්ට ආර්ථික ශක්තියක් නොමැති බව දරුවාගේ මවුපියෝ හැඬූ­ කඳුළෙන් පවසති.

දැනට මේ දරුවාගේ ජානවලට සමාන ජාන ඇති සහ ඒවා ලබා දීමට කැමැත්තකු ඉන්දියාවෙන් හමුවී ඇති බැවින් ඒ සඳහා අවශ්‍ය පරීක්‍ෂණ මේ වන විටත් සිදුවන බැවින් සැත්කම සඳහා අවශ්‍ය මුදල් සොයා ගැනීමට තමන්ට නොහැකි වීම හරහා තම දරුවාගේ ජීවිතය යම් අවදානම් තත්ත්වයක පසු වන බව දරුවාගේ මවුපියෝ අපට පවසා සිටියහ. කෙසේ වෙතත් මෙම සිඟිති දරුවාගේ ජීවිතය වගේම අපේ රටේ නොයෙක් මෙවැනි දරුවන්ගේ ජීවිත බේරා ගැනීම සඳහා පිහිට වන යුගයක මෙම දරුවාගේ ජීවිතයද බේරා ගැනීමට උපකාර කිරීමට බලාපොරොත්තු වන්නකුට හොඳ අවස්ථාවක් බව අප ද මෙහිදී වැඩිදුරටත් පෙන්වා දෙමු.

මෙම දරුවාගේ ජීවිතයට පිහිටක් වීමට හැකි අයට නිකවැරටිය මහජන බැංකු ගිණුම් අංකය වන 124200110056462 අංකයට උදවු කළ හැකි අතර වැඩි විස්තර දැන ගැනීම සඳහා පහත දුරකතන අංකයට ඇමැතිය හැකිය.

0773672279
නිකවැරටිය - රසික කුමාර

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon