ලන්ඩන් තානාපති කාර්යාලය ඉදිරිපිට කොටි කෙළියේ ඇහින් දුටු සාක්කිය

  👤  3112 readers have read this article !
By mawbima 2018-02-11

සෑම වසරකම පෙබ. 4දා ලොව පුරා විහිදී ඇති ශ්‍රී ලංකා තානාපති කාර්යාලවල තානාපතිවරු හා කොමසාරිස්වරු ඇතුළු නිලධාරීන් හා දහයක් ලාංකිකයන් ඉතාමත් අභිමානවත් ලෙස අපේ නිදහස් උළෙල සමරති.

පසුගිය වසර 50 තුළම ඉතා විශිෂ්ට ලෙස නිදහස් උත්සවය පවත්වන තානාපති කාර්යාලය වන්නේ ලන්ඩන් ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයයි. (පොදු රාජ්‍ය මණ්ඩලයේ රටවල තානාපති මැදුරු හඳුන්වන්නේ මහ කොමසාරිස් කාර්යාල නම් නම්බු නාමයෙනි)
පසුගිය ඉරිදා ලන්ඩන්හි ශ්‍රී ලංකා මහා කොමසාරිස් අමලී විජයවර්ධන මහත්මියගේ ප්‍රධානත්වයෙන් නිදහස් උත්සවය පැවැත්වුණේ විදේශ අමුත්තන් හා 200කට අධික ශ්‍රී ලාංකිකයන්ගේ සහභාගිත්වයෙනි.

සර්ව ආගමික කටයුතුවලින් පසු ඇරඹුණු උත්සවයේදී ශ්‍රී ලංකාවේ අභිමානවත් ඉතිහාසය ප්‍රගතිය හා අනාගතය අලළා මහ කොමසාරිස්වරිය ඉතා කෙටි මනහර කතාවක් කළාය. එහිදී ශ්‍රී ලංකා ජාතික ගීය සිංහලෙන් ද ඉන්පසුව ද්‍රවිඩ බසින්ද ගායනා කරන ලදී. උත්සවය අවසානයේදී කාර්ය මණ්ඩලය හා සිංහල,දමිළ,මුස්ලිම්,හින්දු හා බර්ගර් අමුත්තන් සියලු දෙනාම එක්ව ජාතික ගීය නැවත වරක් සිංහලෙන් ගායනා කිරීම ඉතා සුන්දර දර්ශනයක් විය.
නිදහස් දිනයේ කටයුතු මෙසේ ඉතා චාම් ලෙසත් අභිමානවත් ලෙසත් උඩුමහලේ සිදුවෙද්දී දෙමළ ඩයස්පෝරාවේ කොටි අනුගාමිකයෝ හෙමින් සීරුවේ මහ කොමසාරිස් කාර්යාලය වටලමින් සිටියෝය.

ඔවුන් බොහෝ දෙනා අත යකඩ පොලුවලින් එල්ලුණු ලංකා විරෝධී ප්‍රකෝපකාරී කොටි බැනර් දකින්නට ලැබිණි. වසර 30ක් තිස්සේ ශ්‍රී ලංකාවේ ජීවිත 70,000ක් විනාශ කළ ප්‍රභාකරන්ගේ පින්තූර 30ක් 40ක් ද ඔවුහු ඔසවාගෙන සිටියහ.

"අපේ ඉඩම් කොල්ලකෑම නවතපියව්"
"හමුදාව උතුරෙන් පිට කරවු"
"හොඳින් බැරිනම් නරකෙන් ඊළාම අපි ගන්නවා." යනාදී ඉංගී්‍රසියෙන් ලියන ලද සටන් පාඨ පෝස්ටර් ද රැගෙන ඔවුහු පැමිණ සිටියහ.
වාසනාවකට කොටි හිතවාදීන් හා ඩයස්පෝරා කලහකාරීන් උත්සව වෙලාවේ මහ කොමසාරිස් මැඳුරට කඩා වැදිය හැකි යැයි පොලිසියට කලින් ඔත්තුවක් ලැබී තිබුණු නිසා ලන්ඩන් පොලිස් භටයන් සැලකිය යුතු ප්‍රමාණයක් මැඳුර ඉදිරියේ සීරුවෙන් සිටියහ. කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක නිලධාරි බි්‍රගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු උදෑසන සිටම ලන්ඩන් පොලිස් අධිකාරිවරුන් සමඟ සම්බන්ධීකරණය වෙමින් උත්සවයට පැමිණෙන සම්භාවනීය අමුත්තන්ගේ හා කොමසාරිස් මැඳුරේ ආරක්‍ෂාව තර කොට තිබීම කාගේත් ප්‍රශංසාවට හා අස්වැසිල්ලට හේතු විය.

දවල් 11.30 වන විට කාර්යාලය ඉදිරිපිට සිටි කොටි අනුගාමිකයන්ගේ කෑගැහිල්ල හා බාධා කිරීම වැඩි වුවත් එය සාමකාමී මුහුණුවරක් ගති.
නමුත් "යුද්ධය" පටන් ගත්තේ උත්සවයට පැමිණි අමුත්තන් එකා දෙදෙනා ආපසු නිවෙස් බලා යන්නට පටන් ගත් පසුවය.

අමුත්තන්ට බෙදා ඉතිරි වී තිබූ ජනාධිපති හා අගමැතිතුමන්ගේ දෙමළින් ලියන ලද නිදහස් පණිවුඩ අඩංගු පත්‍රිකා සියයක් පමණ අතට ගත් වයෝවෘද්ධ. සිංහල කාන්තාවන් දෙදෙනකු විරෝධතාකාරයන් හමුවට ගියේ මේ අතරේය. ඩයස්පෝරාකාරයන් ඇවිත් සිටින්නේ අරියාදුවට බව වටහා නොගත් මේ නෝනලා දෙන්නා "මෙන්න පුතේ ඔයාලට අපේ ජනාධිපතිතුමාගේ පණිවුඩයක් කියා" ඒවා ඔවුන්ට බෙදන්න පටන් ගත්තේය. යහපාලන රජය සහජීවනයට මුල් තැන දී ඇතැයි කියන නිසා ජනාධිපතිතුමාගේ පණිවුඩයට මේ කොල්ලන් පිරිස යහපත් ප්‍රතිචාර දක්වනු ඇතැයි මොවුන් දෙදෙනා විශ්වාස කරන්නට ඇත. නමුත් සිදුවූයේ අනෙකකි. මිනීමරු ලාංකා ජනාධිපතිගේ පණිවුඩ අපිට මොකටද කියමින් ඔවුන් ඒවා ඉරා දමන්නටත් නෝනලා දෙන්නට බැන වදින්නටත් වූහ. හො¼දටම වෙරි වී සිටි දෙමළ කොල්ලකු තොපි පලයල්ලා කියා එක කාන්තාවක් තල්ලු කරන අන්දම අෑත සිට බලා සිටි බි්‍රතාන්‍ය ශ්‍රී ලංකා සංසදයේ සභාපති ජානක අලහප්පෙරුම මහතා වහා දුවගෙන ඇවිත් ඔවුන් පාරේ අනික් පසට සුරක්ෂිතව කැඳවාගෙන ගියේය. මේ අතර ආරක්‍ෂක නිලධාරින් බි්‍රගේඩියර්. ප්‍රියංක ප්‍රනාන්දු ද තරුණ විරෝධතාකරුවන් දෙතුන් දෙනකු සමඟ සුහද සාකච්ඡාවක යෙදෙමින් ශ්‍රී ලංකාවේ නියම තත්ත්වය ඔවුනට පහදා දීමට උත්සාහයක යෙදෙමින් සිටියේය. පුදුමය නම් මේ ඩයස්පෝරා කොටි අනුගාමිකයන් අතර ඉන්දීය දෙමළ පිරිසක් ද වීමයි. ඔවුන් වඩාත්ම උනන්දු වූයේ තමිල්නාඩුවේ දෙමළ ධීවරයන් 200ක් පමණ ශ්‍රී ලංකා හමුදාව වෙඩි තබා මැරුවේ ඇයිද යන්නයි.

මෙය අමූලික බොරුවක් බවත් ශ්‍රී ලංකා හමුදාව එසේ මිනිසුන් මරන්නේ නැති බවත් බි්‍රගේඩියර්වරයා ඉතා කාරුණිකව ඔවුනට ඒත්තු ගන්වන්නට උත්සාහ කළේය. ශ්‍රී ලංකා රජය සිංහල ජනතාව උතුරේ බලෙන් පදිංචි කරනවා කියන කතාවත් සත්‍ය නොවන බව බි්‍රගේඩියර්වරයා පුන පුනා කීවද ඩයස්පෝරා අනුගාමිකයෝ එය පිළිගැනීමට ලෑස්ති වූයේ නැත. දෙමළ විරෝධතාකරුවෝ ඔවුන් සමඟ සුහදව කතා බස් කිරීමට පැමිණි බි්‍රගේඩියර්වරයාට තර්ජනය කරන්නටත් අපහාස කරන්නටත් පටන් ගති. ත්‍රස්තවාදීන් සමඟ කතාබස් කිරීමෙන් පලක් නොවන බව වටහා ගත් බි්‍රගේඩියර්වරයා ආපසු ඩයස්පෝරාව කොටුකර සිටි තැනින් ඉවත් වී කොමසාරිස් කාර්යාලය ඉදිරියට පැමිණියේය.

මේ අවස්ථාවේ ඩයස්පෝරා අනුගාමිකයන් දහ දෙනකු පමණ ආරක්‍ෂක වැටෙන් පිටට පැන ලංකා විරෝධී සටන් පාඨ කියමින් කාර්යාලය ඉදිරියට එන්නට සැරසිණි. පොලිසිය වහා ඔවුන් රැඳී සිටි කොටුවට තල්ලු කළ ද ඔවුහු තානාපති කාර්යාලයට කඩා වැදීමට මාන බලමින් සිටියහ. තත්ත්වය නරක අතට හැරී එන බව දැනගත් එතැන සිටි පොලිස් සුපිරින්ටන්ඩන්වරයා වහාම ස්කොට්ලන්ඩ් ත්‍රස්තවාදී කැරලි මර්දන පොලිස් බළකාය එතැනට කැඳවීය. මේ අතර පොලිස් විමර්ශන බළකායේ විශේෂ හෙලිකොප්ටර් යානා දෙකක් කොමසාරිස් කාර්යාලයට ඉහළ අහසේ කැරකෙමින් ඩයස්පෝරා විරෝධතාකරුවන් නිරීක්‍ෂණය කරන්ට වූහ.

මේ වන විට කොටි අනුගාමිකයන් ඉතා දරුණු අසභ්‍ය වචනවලින් ශ්‍රී ලංකා ජනාධිපතිතුමාට, අගමැතිවරයාට, හා සිංහල ජනතාවට අපහාස කරමින් සිටියහ. මෛත්‍රිපාල මිනීමරුවා සිංහලයෝ වධකයෝ, තොපි පර බල්ලෝ අපි තොපේ රටෙන් භාගයක් ඊළාමයක් කරන දවස අෑත නොවේ. ශ්‍රී ලංකාව මකබෑවියන් යන මෙහි ලිවිය හැකි සටන් පාඨවලට වඩා ඔවුන් කීවේ ඉතාමත් නින්දිත කුණුහරුපය.

මෙතෙක් වේලා ඉතා ඉවසීමෙන් මේ අසභ්‍ය වචනවලට සවන් දෙමින් සිටි බි්‍රගේඩියර්වරයාට තමන්ගේ ශ්‍රී ලංකා මවුබිමට දෙමළ ත්‍රස්තවාදීන් කරන අපහාසය තවත් දරා සිටිය නොහැකිය. ඔහු තම නිල ඇඳුමේ තිබූ සිංහ කොඩිය අභිමානයෙන් යුතුව කලහකාරීන්ට පෙන්වමින් ජාතියේ හා ශ්‍රී ලංකාවේ ගෞරවය අභීත ලෙස රැක ගත්තේය.
බි්‍රගේඩියර්වරයා අසලම සිටගෙන, කොටි නාඩගම නරඹමින් ඔවුන් වීඩියෝ කළ මහා බිතාන්‍යයේ ශ්‍රී ලංකා සංසදයේ ගරු සභාපති ජානක අලහප්පෙරුම මහතා මෙසේ කියයි.

"මේක කොටි ඩයස්පෝරාව ඉතා සංවිධාන වෙලා දියත් කරපු විරෝධයක්. බි්‍රගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු නියම වීරයෙක්. ඔහු පොලිසිය සමඟ දිගින් දිගටම සම්බන්ධීකරණය වෙමින් ආරක්‍ෂාව තර කළේ නැතිනම් ත්‍රස්ත හිතවාදීන් ටික ඔක්කෝම ප්‍රධාන ‍ෙදාරටුවෙන් ඇතුළට කඩා වැදිලා අපේ නිදහස් උත්සවය කඩාකප්පල් කරනවා විතරක් නොවේ. තානාපති මැඳුරේ බඩු බාහිරාදියත් විනාශ කරන්න තිබුණා.
මට පුදුමේ මේ විරෝධතාවට ඉන්දියානු ද්‍රවිඩ පිරිසකුත් එක්වෙලා සිටීමයි. දැන් ලංකාවෙන් පැමිණි සරණාගතයන් කියලා ඉන්දියානුවන් බොහොම දෙනෙක් මෙහෙ දේශපාලන රැකවරණය ඉල්ලනවා. ඒකයි ගොඩක් ඉන්දියන් ද්‍රවිඩ මේ චණ්ඩි ටික අස්සේ හිටියේ.
ජානක අලහප්පෙරුම මහතා සමඟ එතැන සිටි බර්මින්හැම් නුවර චමීර දසනායක මහතා මෙසේ කියයි.

කොටි ඉස්සරහ පැත්තේ මෙහෙම යකා නටද්දී උත්සවේට ටයි කෝට් දමලා ආපු ශ්‍රී ලාංකිකයෝ බොහෝ දෙනා, අනේ ඕවට පැටලෙන්න බැහැයි කියලා පිටි පස්සෙ ‍ෙදාරෙන් පැනලා ගියා. පොලිසියට තනියම ‍ෙදාරටුව රකින්න බැරිවෙයි කියලා ජානක අලහප්පෙරුමයි අපි හතර පස් දෙනෙක් විතරක් බය නැතුව ඉස්සරහ සිටියා ත්‍රස්ත හිතවාදීන් ආපසු විසිරිලා යන කන්ම. දසනායක මහතා මෙසේ ද කියයි. කොටි ජාලය විසින් බි්‍රගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුගේ රැකියාව අහිමි කරවීමේ පරම ප්‍රයත්නයෙන් ඉන්ටර්නෙට් එකට දාපු වීඩියෝවේ තියෙන්නේ ඒ අයට වාසි ටික විතරයි. ඒකට සම්පූර්ණ වැරදි
අර්ථකථනයක් දීලා. මමයි ජානකයි ඇහින් දුටු සාක්කිකාරයෝ. මෙන්න මේකයි එතැන වුණේ.

බි්‍රගේඩියර් ප්‍රියංක ඉතාම ආඩම්බරයෙන් තමන්ගේ නිල ඇඳුමේ තිබුණු සිංහ කොඩිය පෙන්නුවාම උන්ට කට උත්තර නැති වුණා. ඒ පාර ඩයස්පෝරා ත්‍රස්ත කෙල්ලෙකුයි කොල්ලෙකුයි ඉස්සරහට ඇවිල්ලා හමුදා "ම්ලේච්ඡයා දෙමළු මරපු වධකයා" "අපි තොට කවදහරි වෙඩි තියලා මරලා හයිඩ් පාර්ක් එකේ ගහක එල්ලනවා" කියලා සිංහලෙන්ම මහ හයියෙන් කිව්වා. (හයිඩ්පාක් යනු ලන්ඩන්වල ඇති ප්‍රසිද්ධ උද්‍යානයකි) බි්‍රගේඩියර්වරයා ඒ වෙලාවේ ඒ දෙන්නට ඉතාම ලස්සන උත්තරයක් දුන්නා.
"බි්‍රතාන්‍ය ඇතුළේ උන් දෙන්නා තමාව මැරුවොත් මේ රටේ නීතිය අනුව ඔවුන්ගේ බෙල්ල වටේ තොණ්ඩුවක් වැටෙන බව ඔහු "බෙල්ල කටිං" ඇක්ෂන්
එකෙන් පෙන්නුම් කළා. ඔවුන් දෙන්නා එල්ලුම් ගස් යන බව බි්‍රගේඩියර්වරයා ඉතාම අපූරුවට පෙන්වලා දෙමින් ඔවුන්ගේ කට වැහුවා."

ජානක අලහප්පෙරුම මහතා ද එම සිද්ධිය සනාථ කරමින් කතා කළේය. "මේ රටේ මිනී මැරුවොත් එල්ලුම් ගහට යන බව බි්‍රගේඩියර්වරයා අතින් ලස්සනට පෙන්නුවා" මෙම සිද්ධියෙන් පසුබැස ගිය තානාපති මැඳුර අසලින් ඉවත් වූ දෙමළ ඩයස්පෝරාව ඊළඟට කළේ අතීතයේ සිටම දෙමළ ඡන්දවලට කෑදර වී ඩයස්පෝරාව වෙනුවෙන් කුලියට කහින ලේබර් පක්‍ෂයේ බ්ර්ණීඒව් අකඒව් හා ඉධ්ර්ණීඕඩ්ඒධ්ව් ර්ඛ් ච්ර්ණීව්ඒඹ්ච් නමැති කුප්‍රකට මන්ත්‍රිවරියන් දෙදෙනා හමුවීමයි.
"අපේ රටේ අමුත්තෙක් වශයෙන් සිටින මෙම හමුදා නිලධාරියා නුසුදුසු හා තර්ජනකාරි ලෙස හැසිරීම රටේ සාමයට බාධාවක් ඔහු වහාම බි්‍රතාන්‍යයෙන් පිටුවහල් කළ යුතු යැයි" ඔවුන් විදේශ ඇමැති බොරිස් ජොන්සන් මහතාට දැන්වීය.

බි්‍රගේඩියර්වරයාගේ සේවයෙන් නෙරපා දැමීමේ පරම චේතනාවෙන් වීඩියෝවෙන් භාගයක් එළිදැක්වූයේ සිද්ධියේ මුල්කොටස පෙන්නුවා නම් පුද්ගලයකුට මරණීය තර්ජනය කිරීමේ වරදට ඔවුන් දෙදෙනකුටම උසාවි යන්නට වන නිසාය.

තවම මෙම සිද්ධිය ඉවර නැත. ලේබර් පක්‍ෂයේ කොටි හිතවාදී මන්ත්‍රිවරු මෙම හමුදා නිලධාරියා ශ්‍රී ලංකාව විසින් වහාම ආපසු ගෙන්වා ගත යුතු යැයි බි්‍රතාන්‍ය පාර්ලිමේන්තුවේදී යෝජනාවක් ගෙන ඒමට සැරසේ. එය කොතෙක් දුරට සාර්ථක වේ දැයි කිව නොහැකිය.

ගාල්ලේ දෙව්සිරි පී. හේවාවිදාන ලන්ඩන් නුවර සිට
ඤඥමඪඵඪපඪ@ඩධබථචඪත.ජධථ

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon