බි්‍රතාන්‍යයේ කොටි හිතවාදීන්ට සිංහ කොඩිය පෙන්නපු බි්‍රගේඩියර් ප්‍රියංකට මව්බිමට කතා කරයි

  👤  3086 readers have read this article !
By mawbima 2018-02-11

නිදහස් දින එංගලන්තයේ ඇත්තටම මොකද වුණේ? බි්‍රගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහ කොමසාරිස් කාර්යාලයෙන් හමුදා නිල ඇඳුමද ඇඳ එල්.ටී.ටී.ඊ. අන්තවාදීන් අසලට ආවේ ඇයි?

මෙකී ප්‍රශ්නාර්ථවලට පිළිතුරු ලබා ගැනීමේ අරමුණින් 'මව්බිම' ඉකුත් 08 වැනි දින එංගලන්තයට දුරකතන ඇමතුමක් ගත්තේය. එදින අපිට කෙටි සංවාදයක් සඳහා බි්‍රගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුව සම්බන්ධ කර ගැනීමට හැකි විය. ඔහු එදා වූ සිදුවීම පෙළගස්වනු ලැබුවේ මෙසේය.
මේ ඔහුගේ හඬය.

"පෙබරවාරි 04 වැනිදා අප මහ කොමසාරිස් කාර්යාලයේදී නිදහස් දින සැමරුම් උත්සවයක් සූදානම් කරලා තිබුණේ. ඊට නන් දෙසින් සිංහල, දෙමළ, මුස්ලිම් යන සියලු ජාතීන් නියෝජනය කරමින් 250ක වැනි පිරිසක් ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයට පැමිණියා. අපි නිදහස් උත්සවය සැමරුවේ මෙරට වේලාවෙන් උදේ 10.30ට විතර. මෙරට ආරක්ෂක අංශ වෙත ඒ වනවිටත් තොරතුරු ලැබිලා තිබුණා අපගේ නිදහස් දින සැමරුම් උළෙල කඩාකප්පල් කරන්න එල්.ටී.ටී.ඊ. අන්තවාදීන් පිරිසක් මහ කොමසාරිස් කාර්යාලය ඉදිරියට පැමිණීමට නියමිතයි කියලා.

උදේ 11.15 වෙද්දි ඒ ආරංචිය හරි ගියා. තුන්සියයකට ආසන්න එල්.ටී.ටී.ඊ. අන්තවාදීන් පිරිසක් අපගේ කාර්යාලය ඉදිරිපිටට රැස් වෙලා "ර්ණීභප ව්චබඪධද ඊචථඪත ඡ්තතභථ, ධභප ඹ්ඥචඤඥප ර්ථීපචඡචඬචපචද" යනුවෙන් පවසමින් විරෝධතාවයේ නියැළුණාහ.
අපි සේරම හිටියේ නිදහස් දින සැමරුමේ. නමුත් අපිට දැනගන්න ලැබුණා අන්තවාදී පිරිස් මහ කොමසාරිස් කාර්යාලය වෙත එන්න එන්න ළං වෙනවා කියලා. මුලින්ම මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂාවට සිටියේ ආරක්ෂක අංශ නිලධාරීන් පහයි. නමුත් ඔවුන්ට මෙම අන්තවාදීන් පාලනය කරගන්න බැරි නිසා ඔවුන් තවත් ආරක්ෂක අංශ නිලධාරීන් හය දෙනෙක් ඔවුන්ගේ සහායට ගත්තා. නමුත් අන්තවාදීන් ක්‍රමක් ක්‍රමයෙන් මහ කොමසාරිස් කාර්යාලයේ ප්‍රධාන ‍ෙදාරටුව අසලට ආවා. ඊට පස්සේ අපි නිදහස් සැමරුම් උළෙලට පැමිණි ද්‍රවිඩ ජාතිකයන් පිරිස මහ කොමසාරිස් කාර්යාලයේ පිටුපස ‍ෙදාරකින් ඉවත් කළා. මොකද නැත්නම් අන්තවාදීන් ඔවුන්ට හිරිහැරයක් කරන්න

පුළුවන්. නිදහස් දින උළෙලට පැමිණි සිංහල මිනිස්සු ටික අපි උන්ට බය නැහැ කියා ප්‍රධාන ‍ෙදාරෙන් පිටතට ගියා. කල් යෑමත් එක්කම තත්ත්වය උණුසුම් වුණා.
මේ නිසාම එරට ආරක්ෂක අංශය හෙලිකොප්ටරයකින් මහ කොමසාරිස් කාර්යාලය ආසන්නයට ආවා. ඊට පස්සේ එම හෙලිකොප්ටරය ඉහළ සිට මෙම සිද්ධිය වීඩියෝගත කළා. මෙහෙ සාමාන්‍යයෙන් උද්ඝෝෂණයකට හෙලිකොප්ටරයක් අහසට නග්ගනවා කියන්නේ ඒක මහ ලොකු සිදුවීමක්.

මම මගේ යුනිෆෝම් එකේ තිබුණු සිංහ කොඩිය පෙන්වා කිව්වේ උඹලාගේ කොඩියත් ඔය පෙන්වන ඊළාම් කොඩිය නෙවේ මේ සිංහ කොඩියයි කියලා. මම ඔවුනට කිව්වා ප්‍රභාකරන් දැන් නැහැ, යුද්ධෙත් නැහැ, ඒ නිසා යාපනයේ වෙලා තියෙන සංවර්ධනය බලන්න නැවත ලංකාවට එන්න කියලා.

රැස්ව සිටි එල්.ටී.ටී.ඊ. අන්තවාදීන්ට මම නිදහස් උළෙලට ජනාධිපතිවරයා එවපු නිදහස් දින පණිවුඩයෙහි පිටපතක් දුන්නා. එහි සිටි විරෝධතාවට නායකත්වය දෙන නායකයකු ඊට ගිනි තිබ්බා. පස්සේ ඔවුන් එම ස්ථානයේ ගිනි ගොඩක් ගැහුවා. නිදහස් දින උළෙලට පැමිණි සියලු ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව සම්බන්ධ වගකීම මට පැවරිලා තිබුණේ. ඒ නිසා මම ඊට ඒ මොහොතේ කැප වුණා.

මම ජාතිවාදී අයකු නොවේ. මම වැඩිපුරම ඉඳලා තියෙන්නේ උතුරු - නැඟෙනහිර ප්‍රදේශවල. මං ගැන ඒ පළාත්වල ද්‍රවිඩ මිනිස්සු හොඳට දන්නවා. කුමන බාධක පැමිණියත් මම මගේ රට වෙනුවෙන් මගේ යුතුකම ඉෂ්ට කරනවා. මම කුඩා කාලේ ඉඳන් හිතුවේ රට ගැන. මම ඉගෙන ගත්තු කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලයේ තේමා පාඨයත් 'තමාට පෙර රට' යන්නයි. එම පාඨය මා මියෙනතුරු මගේ හදවතේ තැම්පත්වෙලා තියෙන්නේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon