ආර්ථික මර්මස්ථානවලට යුද හමුදාව

  👤  3590 readers have read this article !
By mawbima 2018-02-11

රටේ සියලු ආර්ථික මර්මස්ථානවලට යුද හමුදා භට පිරිස් යෙදවීමට කටයුතු කළ බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා 'ඉරිදා මව්බිම'ට පැවැසීය.
විදුලිබලාගාරවලට, විදුලි උප පොළවලට, තෙල් තොග ගබඩා පර්යන්තවලට ආදී ස්ථානයන් වෙත මෙලෙස භට පිරිස් යෙදවූ බවද යුද හමුදාපතිවරයා සඳහන් කෙළේය.
පළාත් පාලන මැතිවරණයේ ආරක්ෂණ වැඩපිළිවෙළට සමගාමීව මෙලෙස ආර්ථික මධ්‍යස්ථානවලට යුද හමුදා භට පිරිස් යෙදවීමට කටයුතු කළ බවද ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා කියා සිටියේය. එසේම මැතිවරණය පැවැත්වෙන කාල සීමාවේදී ඇති විය හැකි හදිසි අවස්ථාවන්ට මුහුණදීම සඳහා සියලු යුද හමුදා කඳවුරු සීරුවෙන් තබා ඇතැයිද යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා වැඩිදුරටත් සඳහන් කෙළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon