ඡන්දයෙන් පස්සේ සතියකට පෙළපාළි තහනම්

  👤  3362 readers have read this article !
By mawbima 2018-02-11

මැතිවරණ කටයුතු අවසන් වී සතියක් යන තුරු ඡන්දයට අදාළ කිසිදු පෙළපාළියක් යා නොහැකි බව පොලිස් මූලස්ථාන ජේ‍යෂ්ඨ පොලිස් නිලධාරියෙක් ඉරිදා 'මව්බිම' ට පැවැසීය.

මැතිවරණ ප්‍රතිඵල නිකුත් වීමෙන් අනතුරුව අපේක්ෂකයන් සමඟ නීති විරෝධී පෙළපාළි යන අපේක්ෂකයන් සහ ආධාරකරුවන් අත්අඩංගුවට ගෙන කඩිනමින් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙසට පොලිස් මූලස්ථානය සියලු පොලිස් ස්ථානාධිපතිවරුන් දැනුවත් කර තිබේ.

මෙවැනි කටයුත්තක් සංවිධානය කරන්නේ නම් ඊට අනිවාර්යයෙන්ම අදාළ පොලිස් ස්ථානවලින් අවසර ගත යුතු බවද එම ජේ‍යෂ්ඨ පොලිස් නිලධාරියා සඳහන් කෙළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon