දූෂණයට එරෙහි වැඩසටහනකට ජනපති අදහස් ඉල්ලයි

  👤  3012 readers have read this article !
By mawbima 2018-02-11

නාස්තිය සහ දූෂණයට එරෙහි ජාතික වැඩසටහනක් ගොඩනැඟීම සඳහා අදහස් යෝජනා හා ක්‍රියාකාරී සහභාගිත්ව දායකත්වය ලබන මාර්තු 01 වැනිදාට ප්‍රථම ලබාදෙන්නැයි ජනාධිපති ලේකම් කාර්යාලය ඉල්ලීමක් කරයි.

දූෂණය, අල්ලස, වංචාව, අක්‍රමිකතා සහ නාස්තියට එරෙහි මේ පුළුල් ජාතික වැඩසටහන ගොඩනැඟීම සඳහා ආගමික නායකයන්, විද්වතුන්, වෘත්තීයවේදීන් ඇතුළු රටට හිතැති මානවවාදීන්ගෙන් අදහස්, යෝජනා සහ සහභාගිත්වය අපේක්ෂා කරන බව එම කාර්යාලය පවසයි.

එම යෝජනා නාස්තිය සහ දූෂණයට එරෙහි ජාතික වැඩසටහන, ජනාධිපති කාර්යාලය, කොළඹ 01 යන ලිපිනයට එවිය යුතුය. නීතිඥ රජිත කොඩිතුවක්කු (දු.අ. 0764654600) සහ අ.නි.ර. අමරතුංග (දු.අ. 0775770882) යන දෙදෙනා වැඩි තොරතුරු සඳහා සම්බන්ධීකරණය භාරව සිටියි.

 

ෆැක්ස් - 0112431502
ඊ-මේල් - ලඥපධජධපපභනබඪධද@නපඥඵඪඤඥදබඵධටටඪජඥ.තඬ

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon