ඡන්ද ප්‍රතිඵල දෙවිදිහකට

  👤  3805 readers have read this article !
By mawbima 2018-02-11

පළාත් පාලන මැතිවරණයේ ඡන්ද ප්‍රතිඵල ආකාර දෙකකින් ප්‍රකාශයට පත් කරන බව ජාතික මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කරයි.
ඡන්ද කොට්ඨාස මට්ටමේ ප්‍රතිඵලය ගණන් කරන කොට්ඨාස මධ්‍යස්ථානයේදීත්, පළාත් පාලන ආයතන ප්‍රතිඵලය මැතිවරණ කොමිසම සනාථ කිරීමෙන් පසුව දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරි විසිනුත් ප්‍රකාශයට පත් කරන බවද සඳහන් කෙළේය.

අතිරේක මැතිවරණ කොමසාරිස් එම්.එම්. මොහොමඩ් මහතා සඳහන් කෙළේ සෙනසුරාදා රාත්‍රි 9 වන විට පළාත් පාලන ආයතන මට්ටමේ පළමු ඡන්ද ප්‍රතිඵලය ප්‍රකාශයට පත් කිරීමට බලාපොරොත්තු වන බවයි. අවසන් ඡන්ද ප්‍රතිඵලය අද ඉරිදා මධ්‍යහ්නය වන විට ප්‍රකාශයට පත් කිරීමට හැකි වෙතැයි බලාපොරොත්තු වන බවද හෙතෙම කීවේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon