රවි සහ බැඳුම්කරය ගැන ශ්‍රී ලනිපයෙන් ළඟදීම හෙළිදරව්වක්

  👤  3337 readers have read this article !
By mawbima 2018-02-11

මහ බැංකු බැඳුම්කර පිළිබඳ පෙබරවාරි 21 සහ 22 පැවැත්වෙන පාර්ලිමේන්තු විවාදයේදී හිටපු මුදල් ඇමැති පාර්ලිමේන්තු මන්ත්‍රි රවි කරුණානායක මහතාට බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් ඇති චෝදනා පිළිබඳ විශේෂ හෙළිදරව්වක් කිරීමට ශ්‍රී ලනිපය තීරණය කොට තිබේ.

ශ්‍රී ලනිප ජාතික සංවිධායක විද්‍යා තාක්ෂණ පර්යේෂණ ඇමැති සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා විසින් එම හෙළිදරව්ව කිරීමට නියමිතය.
තමන්ගේ නම බැඳුම්කර චෝදනාවලට සම්බන්ධ නැති බවටත් පසුගිය ජනවාරි 3 වැනිදා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් බැඳුම්කර විමර්ශන ජනාධිපති කොමිසම් වාර්තාව පිළිබඳ ඉදිරිපත් කළ කතාවේදී තමන්ගේ නම සඳහන් කිරීම නිවැරැදි නොවන බවටත් පසුගිය පෙබරවාරි 6 වැනිදා රවි කරුණානායක මහතා පාර්ලිමේන්තුවේදී සඳහන් කෙළේය.

ඔහුගේ එම ප්‍රකාශයට පිළිතුරු ලෙස මෙම විශේෂ හෙළිදරව්ව කිරීමට ශ්‍රී ලනිපය පියවර ගෙන ඇත.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon