වැඩිම ලංසුව ලාංකිකයකුගෙන් තිබියදී EAP විදේශිකයකුට!

  👤  3772 readers have read this article !
By mawbima 2018-02-11

දැනට ශ්‍රී ලංකා මහ බැංකුවේ අධීක්ෂණය යටතේ පාලනය වන ඊඒපී සමූහ ව්‍යාපාරය වෙනුවෙන් දේශීය ව්‍යාපාරිකයකුගෙන් ඉහළ ලංසුවක් ඉදිරිපත් වී තිබියදීත් එම දේපළ අත්පත් කර ගැනීමට විදේශීය ආයෝජකයකු පෙරමුණට පැමිණ සිටිතැයි යන පුවත නිසා ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයෝ කලබලයට පත්ව සිටිති.

ශ්‍රී ලාංකික ලංසුව ඇමෙරිකා ඩොලර් මිලියන 61ක් වන අතර විදේශීය ආයෝජකයාගේ ලංසුව ඇමෙරිකා ඩොලර් මිලියන 60ක් බව ඉරිදා 'මව්බිම' ට විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් දැනගන්නට තිබේ.

ඒ අනුව විදේශීය ලංසුව රුපියල් කෝටි 936කි. දේශීය සමාගමේ ලංසුව රුපියල් 951 කෝටි 60 ලක්ෂයකි.
විදේශීය ලංසුකරු සුධීර් ජයරාම්ගේ ප්‍රධානත්වයෙන් යුත් 'සීමා සහිත ස්ට්‍රේට්ස් ග්‍රිඩ් ප්‍රි' නමැති මැලේසියා සමාගමය. ශ්‍රී ලාංකික ලංසුකරු විවිධ ව්‍යාපාරවල යෙදෙන මුල් පෙළේ සමාගමකැයි කියනු ලැබේ.

ඊඒපී සමූහ ව්‍යාපාරයට ස්වර්ණවාහිනි රූපවාහිනි සේවයත් සුප්‍රකට ස්වර්ණමහල් ස්වර්ණාභරණ ව්‍යාපාරය මෙන්ම චිත්‍රපට සමාගමක් හා මූල්‍ය සමාගම් කීපයක්ද අයත්ව තිබේ.

ඉහළ අගයකින් යුත් තරංග සංඛ්‍යාත හිමි කර ගැනීමේ අයිතිය පසුගිය කාලයේදී දේශීය මාධ්‍ය සමාගම්වලට ප්‍රතික්ෂේප කරනු ලැබ තිබියදී දැනට ස්වර්ණවාහිනියට අයත්ව තිබෙන රූපවාහිනි සංඛ්‍යාත විදේශීය සමාගමකට පැවැරීමට දුරස්ථ සන්නිවේදන නියාමන අධිකාරිය පියවර ගන්නවා ඇත්ද යන ප්‍රශ්නය දැන් ඉස්මතු වෙමින් තිබේ.
ජෙයරාම් සමාගම, කොළඹ 07, ඩොලර් මිලියන 250. හෝර්ටන් ස්ක්වෙයර්' නමැති මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතිය ඇතුළුව රටේ කරගෙන යන කටයුතු සම්බන්ධයෙන් අගමැතිගේ නායකත්වයෙන් යුත් 'ආර්ථික කළමනාකරණය පිළිබඳ කැබිනට් කමිටුව හා වෙනත් රාජ්‍ය ආයතනද ප්‍රශ්න මතු කර ඇත.
ප්‍රකාශයට පත් නොකරන ලද ඩොලර් දහස් ගණනක මුදලක් රැගෙන ජෙයරාම් පසුගිය නොවැම්බරයේදී බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන් රටින් පිට වීමට යෑමේදී අදාළ බලධාරීන්ට හසුවුවත් එම නිලධාරීන් ඔහුට යන්නට ඉඩ දුන් බව වාර්තා වී තිබේ.

ඊ.ඒ.පී. ව්‍යාපාරයට 'තහවුරු කරන ලද ආයෝජකයෙක්' ඇති බව 'මව්බිම' සහෝදර පුවත්පත වන 'සිලෝන් ටුඩේ' ජනවාරියේදී වාර්තා කොට තිබිණි. ඊඒපී ව්‍යාපාරයට අයත් ඊටීඅයි මූල්‍ය සමාගම එහි ක්‍ෂණික ද්‍රවශීලතා ගැටලුව විස¼දාගැනීම සඳහා රුපියල් මිලියන 400ක ණයක් ලබා ගත්තේය'යි මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි ප්‍රකාශ කොට තිබුණත් ආයෝජකයා කවරෙක්ද යන්න මහ බැංකු අධිපතිවරයා අනාවරණය කර නොතිබිණි.
කෙසේ වුවද, ඊ.ඒ.පී. ව්‍යාපාරය හා ජෙයරාම් අතර සාකච්ඡා 'දියුණු තත්ත්වයකට' පත්ව ඇති බව ආරංචි මාර්ගවලින් තහවුරු වී තිබේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon