සෑම ජීවි වස්තු දෙකකටම ශරීර දෙකක් තියෙනවා

  👤  3255 readers have read this article !
By mawbima 2018-02-11

ප්‍රසිද්ධ ඉංග්‍රීසි දේව දූතිකාවක් (ර්ඥඤඪභථ) වන ජෙරල්ඩීන් කුමින්ස් (ට්ඥපචතඤඪද ඛ්භථදඪදඵ) විසින් එක්දහස් නවසිය තිස් ගණන්වලදී දක්වන ලද මතයක් මෙසේය. "සිත කෙළින්ම මොළය කෙරෙහි බලපාන්නේ නැත. සිත හා මොළයේ සෛල අතර සම්බන්ධකය වශයෙන් ක්‍රියා කරන ආකාශික ශරීරයක් ඇත. මෙතෙක් විද්‍යාඥයන්ට දැන ගන්නට ලැබී ඇතිවාට වඩා කුඩා වූ දේහානුක අංශු (ඛ්ධපනභඵජභතචප ර්ථීචපබඪජතඥඵ) ආකාශික ශරීරයේ සිට තන්තූන් දිගේ ශරීරයේ ඇතැම් ප්‍රදේශවලටත් මොළයටත් ගමන් කරයි. මම මේවා ජීව ඒකක යැයි නම් කරමි.........සිත හා ජීවය භෞතික ශරීරය සමඟ ගනුදෙනු පවත්වන්නේ මේ අදෘශ්‍ය ශරීරයේ මාර්ගයෙනි. මම මේ ශරීරය ද්විතීය ශරීරය, ඒකීකාරක යන්ත්‍රය යන නම්වලින් හඳුන්වමි. භෞතික ශරීරය හා ද්විතීයික ශරීරය යන දෙක අතර එක නූලකවත් පිට පැනීමක් ඇතිවුවහොත් වහාම පාලනයේ ඇද වැටීමක් ඇති වෙයි. හැම සතකුටම සංස්කෘත වූ ඊදරයෙන් (ර්ධඤඪටඪඥඤඥබඩඥප) තැනුණු ඒකීකාරක අදෘශ්‍ය ශරීරයක් ඇත. මේ ශරීරය දෘෂ්ටි ගෝචර කරවන උපකරණයක් අනාගතයේදී තනා ගත හැකිවනු ඇත.

1939 හි දී දකුණු රුසියාවේ කුබාන් ප්‍රදේශයේ ක්‍රස්නොඩාර් නගරයේදී විදුලිය-ධාරා වෙදකමට භාවිත කරන උපකරණයක් ප්‍රතිසංස්කරණය කරන සෙම්යොන් ඩේවිඩෝෆිශ් කිර්ලියන් (ඉඥථරධද ච්ඥමඪඤධමඪජඩ ම්ඪපතඪචද) නම් විදුලිය කාර්මිකයාට දක්නට ලැබුණු එක්තරා දර්ශනයක් නිසා ඔහු වශීකෘත විය. එක් රෝගියකු විදුලිය-‍ෙදාරටුවලින් (ඡ්තඥජබපධඤඥඵ) ප්‍රතිකාර ලබන අතර කිර්ලියන්ට විදුලිය ‍ෙදාරටුත් රෝගියාගේ හමත් අතර කුඩා ආලෝක දැල්ලක් දක්නට ලැබිණි. ඔහු බොහෝ මහන්සි වී මෙහි පින්තූර ගැනීමේ ක්‍රමයක් තනා ගත්තේය. ශරීරයකින් මේ ආලෝක ධාරා නික්මෙන බව පෙනෙන්නේ ඒ ශරීරය අධි සංඛ්‍යාත විද්‍යුත් ක්ෂේත්‍රයක (ධ්ද ච ජ්ඪඥතඤ ධට ච ඩ්ඪඨඩ ජ්පඥඳභචදජර ඡ්තඥජබපඪජචත ඛ්භපපඥදබඵ) තැබූ විටය. ගසකින් කඩාගත් කොළයක් මේ ක්ෂේත්‍රයේ තබා බැලූ විට කිරණ නිකුත් කරන තැන් සිය දහස් ගණනක් දක්නට ලැබී තිබේ. නිල හා රතට හුරු කහ අතර වූ ආලෝක ජ්වාලා රටාවන් කොළයේ විශේෂ මාර්ග ඔස්සේ පිට අද්දරින් නිකුත්වනු දක්නට ලැබී තිබේ. ඇඟිල්ලක් මේ අධි සංඛ්‍යාත ක්ෂේත්‍රයක තබා පින්තූරයක් ගත් විට ඉතා සංකීර්ණ වූ භූමි සිතියමක් මෙන් දිස් විය. එහි රේඛාද තිත්ද ආලෝක ධාරා හා ජ්වාලා මතු වන කුහරද තිබිණි.

මේ පින්තූරවලින් දක්නට ලැබුණේ නිශ්චල වූ ආලෝක ධාරාය. කිර්ලියන්, චලනය වන මේ ආලෝක ධාරාවන් දැක ගැනීමට උපකරණයක් තැනුවේය. ඔහු තම අත ඒ උපකරණයේ ලෙන්සයන් යට තබා විදුලිය - ධාරා ගමන් කරවූ විට ඔහුට සහ ඔහුගේ බිරියට කවදාවත් දක්නට නොලැබුණු විදියේ පුදුම ආලෝක - ලෝකයක් දක්නට ලැබිණි.

අත, තරු සහිත අහසක දක්නට ලැබෙන ක්ෂීර පථය බඳු විය. එහි දක්නට ලැබුණේ නිල් හා රතු පැහැ වූ පසුතලයක් ඇතිව රඟ දැක්වෙන ගිනි කෙළියකි. විවිධ වර්ණවත් දැල් මතුවෙයි. ගිනි පුපුරු විහිදෙයි. දිස්න දෙයි. ඇතැම් ආලෝක ධාරා දිගටම දැල්වෙයි. ඇතැම් ඒවා නිවි නිවී පත්තුවෙයි. අතේ ඇතැම් කොටස්වල කුඩා අඳුරු වලාකුළු වැනි ප්‍රදේශ විය. දිලෙන ඇතැම් ගිනිදැල් වක් මං දිගේ ගමන් කරනු පෙනිණි. මේවා කිසියම් සැලැස්මකට අනුව ක්‍රියා කරන බවද දක්නට ලැබිණි.
ගසකින් කඩා ගත් කොළයක් තැබූ විටද ඊට සමාන දර්ශනයක් දක්නට ලැබිණි. අඩක් වියළුණු කොළයක් තබා බැලූ විට පෙනී ඇත්තේ තරමක් වෙනස් දර්ශනයකි. එය රාත්‍රියට ලයිට් නිවා ගෙන යන විශාල නගරයක් බඳු විය. සම්පූර්ණයෙන්ම වාගේ වියළුණු කොළයක් තබා බැලූ විට ආලෝකයේ චලනයක් දක්නට ලැබී නැත. ඒ කොළය ඇස් ඉදිරිපිටම මැරී යන්නාක් මෙන් විය. මේ ආලෝක ධාරාවලින් ජීවී වස්තුවක ජීවී ක්‍රියාකාරීත්වය දැක්වෙන්නාක් මෙන් විය.

1949 වන විට ජීවී වස්තූන් කෙරෙහි විද්‍යුත් ප්‍රවාහයන්ගේ ක්‍රියාකාරීත්වය පරීක්ෂා කිරීමට උපකරණ රාශියක් තනා තිබිණි. විවිධ රුසියානු විද්‍යාඥයෝ පැමිණ කිර්ලිනයන්ගේ කාර්යය පරීක්ෂා කළහ. එක් විද්‍යාඥයෙක් එකම වර්ගයේ කොළ දෙකක් ගෙනවුත් ඒ දෙක පරීක්ෂා කරන්නට යැයි කිර්ලිනයන්ට භාර දුන්නේය. කොළ දෙකම එකම වර්ගයක නමුදු මුළු රැයක් වෙහෙස ගෙන පරීක්ෂා කළත් ඒ දෙකේ කිරණ රටා වෙනස් විය. එකම වර්ගයේ කොළවල ඇත්තේ එකම රටාවක් බව කලින් කළ පරීක්ෂණවලදී හෙළි වී තිබිණි.

උදෑසන වෙහෙසටත් නොසතුටටත් පත්ව සිටි කිර්ලියානු පවුල විද්‍යාඥයාට තම ප්‍රතිඵල දන්වා සිටියේය. ඔහු ප්‍රීතියෙන් ඉපිල ගියේය. මේ කොළ දෙකම එකම වර්ගයක ගස් දෙකක නමුදු එයින් එක් ගසකට රෝග ස්පර්ශ වී තිබිණි. එහෙත් ඒ ගසේ කොළයෙහි බාහිර වශයෙන් පෙනෙන කිසිදු වෙනසක් නොවීය. මෙයින් පෙනී යන්නේ කිර්ලියානු ක්‍රමයෙන් ජීවියකුට වැලඳෙන රෝග කල්තියා දැනගත හැකි බවය. අනුක්‍රමයෙන් කිර්ලියානුවෝ (සැමියා හා බිරිය) තමන්ට දක්නට ලැබුණු ප්‍රභාමණ්ඩලය ජීවී වස්තුවක ප්‍රතිභාග - ශක්ති ශරීරයක් බව හෙළි කර ගත්හ. පැළෑටියේ භෞතික ශරීරය ලෙඩ වන්නට කලින් ප්‍රතිභාග ශරීරය ලෙඩ වන බව පෙනේ. විවිධ ආයතනවලින් බාහිර වශයෙන් රෝග ලක්ෂණ නැති රෝග ස්පර්ශ වූ පැළෑටි සිය ගණනින් ගෙන එන ලදී. හැමවිටම කිර්ලියානුවෝ නිවැරැදිව ඒ පැළෑටිවල තත්ත්වය හඳුනා ගත්හ.
මෙයින් පෙනී යන්නේ කුමක්ද? හැම ජීවී වස්තුවකටම ශරීර දෙකක් ඇත්තාසේය. ශක්ති ශරීරයේ සිදුවන දේ භෞතික ශරීරයේත් භෞතික ශරීරයේ සිදුවන දේ ශක්ති ශරීරයේත් පිළිබිඹු වන බව පෙනේ.

සැකසුම - එස්. රණසිංහ

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon