සමස්ත ශූරතා කිංස්වුඩ් චන්දුපට හා හිල්වුඩ් බිමන්දිට

  👤  3298 readers have read this article !
By mawbima 2017-06-20

සමස්ත ලංකා කනිෂ්ඨ මේස පන්දු තරගාවලියේ සමස්ත පිරිමි ශූරතාව නුවර කිංස්වුඩ් විද්‍යාලයේ චන්දුප අලහකෝන් හිමිකරගත් අතර එහි කාන්තා ශූරතාව හිල්වුඩ් විද්‍යාලයේ බිමන්දි බණ්ඩාරට හිමි විය.

මෙම තරගාවලිය කෑගල්ල විද්‍යාලයීය ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පසුගිය 17දා ආරම්භ වී 18දා දක්වා දෙදිනක් පුරා පැවැත්විණි.
කෑගල්ල දිස්ත්‍රික් මේස පන්දු සංගමය සංවිධානය කළ මෙම තරගාවලිය සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 300ක් පමණ සහභාගි වී සිටියහ.
අවුරුදු 10,12,15,18 යන වයස් කාණ්ඩ නියෝජනය වන ලෙස මෙම තරගාවලිය පැවැත්විණි.
ඒ ඒ වයස් කාණ්ඩවල ජයග්‍රහණ පහත පරිදි වේ.

10න් පහළ (පිරිමි)
ශූරතාව - සයිෆුල්ලා අක්රම් (අල් උඩා ජාත්‍යන්තර පාසල)
අනුශූරතාව - කාකෙරු හෙන්නායක (ආනන්ද විද්‍යාලය)
10න් පහළ (කාන්තා)
ශූරතාව - ෆාත් අමාත් ඩී. අලී (රෝයල් ඉන්ස්ටිටියුට්)
අනුශූරතාව - ඉස්මිනි සදුන්‍යා (කෑගල්ල බාලිකා විද්‍යාලය)
12න් පහළ (පිරිමි)
ශූරතාව - සෙනුර සිල්වා (ආනන්ද විද්‍යාලය)
අනුශූරතාව - හසින්දු රොඩ්‍රිගෝ (ආනන්ද විද්‍යාලය)
12න් පහළ (කාන්තා)
ශූරතාව - බිමන්දි බණ්ඩාර (හිල්වුඩ් විද්‍යාලය)
අනුශූරතාව - නදිත රෙහන්සා (ප්‍රජාපතී ගෝතමී බාලිකා විද්‍යාලය)
15න් පහළ (පිරිමි)
ශූරතාව - දෙව්මිත් වීරසේන (ලයිසියම් ජාත්‍යන්තර පාසල)
අනුශූරතාව - චන්දුප අලහකෝන් (කිංස්වුඩ් විද්‍යාලය)
15න් පහළ (කාන්තා)
ශූරතාව - ජිතාරා වර්ණකුලසූරිය (කාන්තා විද්‍යාලය)
අනුශූරතාව - බිමන්දි බණ්ඩාර (හිල්වුඩ් විද්‍යාලය)
18න් පහළ (පිරිමි)
ශූරතාව - චන්දුප අලහකෝන් (කිංස්වුඩ් විද්‍යාලය)
අනුශූරතාව - නිමේෂ් රංචාගොඩ (රෝයල් විද්‍යාලය)
18න් පහළ (කාන්තා)
ශූරතාව - හන්සනී පියුමිලා (විශාකා විද්‍යාලය)
අනුශූරතාව - තනුෂි රොඩ්‍රිගෝ (මහාමයා විද්‍යාලය)
මෙම අවස්ථාවට සබරගමුව පළාත් ප්‍රධාන අමාත්‍ය මහීපාල හේරත්, ශ්‍රී ලංකා මේස පන්දු සංගමයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රි කනක හේරත්, මේස පන්දු පිළිබඳ අන්තර්ජාතික පුහුණුකරු පකිස්තානු ජාතික අරිෆ් කාන් (ඒපඪට ම්ඩචද), ශ්‍රී ලංකා මේස පන්දු සංගමයේ උප සභාපති ලලිත් ලියනගේ සහ ප්‍රධාන ලේකම් චන්දන පෙරේරා යන මහත්වරු එක්ව සිටියහ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්